Wednesday, June 30, 2010

දෙවියනි ?

දෙවියනේ ඔබ කොහෙද හිටියේ
කිමඳ මෙවිපත නොපෙනුනේ
දෙවොලට විත් ඔබවහන්සේ බැහැදැක
ආසිරිත් ලබාලයි පිටවුනේ

දෙවියනේ ඔබ කොහෙද හිටියේ
කිමඳ මෙවිපත නොපෙනුනේ
සන්තකෙහි වූ එකම රන්වත
මඟතොටේදී පැහැර ගත්තනේ

ඉරුණු කන්පෙති උල්පතින්
වැටිනි ලේ රූරා ගලා
සට සට සට හඬ නගාලා……
කිසිවකුත් නැත ඇසක් හැරබැලූ
මිනිස්කම වල් වැදීලා

අසන් සක් දෙවිඳුනේ කිමද
පඬුපුල් අසුන උණුනොවුයේ
අසන් කාලි මෑණියනේ කිමද
උන්ට ගැසූ පලි නොවැදුනේ
අසන් ස්කන්ධ කුමරුනේ කිම
උන්ට දියුණුව සලසුවේ
තිස්තුන් කෝටියක් දෙව්සාමිනේ කිම
ඔබ උන්ගෙ පගාවට යට වුනේ???

නීතියත් වල් වැදුනු යුගයක
දෙවිවරුත් නිරුත්තර වෙලා
දෙවිවරුත් නිරුවත් වෙලා

සුනඛයෝ බත් නොකන තරමට
සමාජය කුරුවල් වෙලා
වැටද නියරද ගොය බුදිතී
පීඩිතයෝ අසරණ වෙලා
වන ඌරන් රැළ කැකුණ තලන සඳ
හබන් කකුලන්ට රජ සැප වීලා...

මෙතේ බුදුහිමි වඩිනු මැන සොඳ
ලොවට යහදම් මග කියන්නට
මිනිස් යහගුණ නැතිවෙලා
අපි සසරේ වල්මත් වෙලා

සෑබෑවකි…..

සෑබෑවකි ලබමි මම
සෙවූ දිව් දසුන මන
ඇගේ ලය තුලින් ජනිත
ප්‍රේමයේ බිහිදොරින්....
විඳිමී විඳිමී මම
ජීවිතය ජීවිතය.........
සොයමී සොයමී මම
ප්‍රේමයේ මහත් ඵල මානිසOස

සුජාත බව

සින්නක්කරේටම ලියා ගතිමි
ප්‍රසිද්ධ නොතාරිස් තැන ඉදිරිපිට
සාක්ෂිකරුවන් අත්සන් තබා....
අනවසරෙන් අල්වාගෙන
පසු කල්හි
බලපත්‍ර සහිතව ලඟ තබාගත්
ඇගේ ආලය……

එනයින්;
සුජාතවිය පුත් කුමරුන්ද
සOක්‍රාන්ති සමයේ උපන්....
මව්පිය විවාහක/ අවිවාහක බව
උප්පැන්න කරදහියේ
"ඔව්" යනුවෙන් ලියැවුනු බැවින්....

බස් රථයේ සිට අම්මාට ලියූ SMS මාඟල





















ඈ දකින්න යන හැමදා ට
ගෙනවිත් ඇරලවන විට
කොප්පරා හන්දිය ට
බසයක් අල්ලගන්න ට
ආපසු යන්න ආණමඩුව ට
ගෙවූ රසගුලා හෝරා දැහැන ට
කල්පනා සයුරේ ගිලී විටින් වි ට
සිතකින් නොවේ ගාට ගාට
එන්නේ ඈ ලඟ තබා සතු ට
. . ..
බලාහිඳී ඈ;
අහිOසක ඇස් යොමා
මුවැත්තියක මෙන්
යාමට නොදී ලෝබව
හදෙහි තෙරපන අපරිමිත
සෙනෙහසින් කැකෑරෙන……
. . .
සැමදා අවෙමි මම
ඇගේ නලලත අතගා
හිස පිරි මැද
දෝරෙ ගලන සෙනෙහසින්
කියාගන්න බැරි වේදනාවකින්
. . ..
රැගෙන ඒමට සිත්විය සැමදින
ඇයව
දෙවුරේ හොවාගෙන
නිවසටම…………
. . . .
සමාවෙයන් අම්මේ මට............!!!!!!!!!
ගෙනෙන්නෙමි එසේ මම නුඹේ ලේලිය
අනවසරෙන්
දෑවැදි නොමැතිවම…….
. . .
හරවා යවන්න ලොබ සිතුනා ඇයව....
Scooty Pep එක
Currier කෙලෙමි නිවසට
බැඳල හිටියත් ඉඳලා බැන්දත්
එකයි නෙව
කොල කෑල්ලකට
මහ ලොකු වටිනාකමක් මොටද . . ?
. . .
කැල්ටන් බේකරියේ බිත්තර පේස්ට්රි
ජයකොඩියගෙ කඩෙන් අයිස් ක්රීමම්ද
මිලට ගන්නට ගිය හැටි . . .
කිසිවෙක් එහෙට මෙහෙට වුනු අල්ල පනල්ලේ
ඇගේ වත සිපගත්'යුරුද
වත්ත පහල කජු ගහට වත්තම්වී
තුරුල් කරන් සිටි'යුරුද
මට මැවී මැවී පෙනුනා අම්මේ . .
බසයට නැග ආපසු හැරී බලපු ඇසිල්ලේ . .
. . .
තොරන් බඳින්නට ඕනේ නැහැ
මඟුල් බෙර සද්ද එපා
පෝරු තැලිපිළි
ඥාති සOග්ර හ
මේ ඔක්කොම බොරු මනස්ගාත
හොඳවයින් ලුණුමිරිසක් එක්ක
රතු කකුළු කිරිබතක් උයාපන්
මඟුල් බත වෙනුවට
. . .
ඉර අවරට යන හෝරාවේ
සුදු මල් වත්කල
පැන් වීදුරුවක් අතින්ගෙන
පෙරමග බලා සිටපන්
පිලිගන්නට අපව
හිතේ කහටක් නොමැතිව. . ..

උඹේ ආසිරි.....මහමෙරකි මට

23/05/2010
(දුකා-සුභාෂ් සහෘදයා විසින් මෙය සOස්කරණය කරන ලදී)

Tuesday, June 29, 2010

මගේ අසංකෙයිය පාරමිතාව


"අසංකෙයිය" තරුකා පිපි ගගනත
ඉරබට තරුවක් වන්නට පාරමි පුරමි මම...........

සියල්ලෝ සිටිත්

ලොම් හැලුනු කුෂ්ට වණ බල්ලෙකි
තටු සිඳුන වයස්ගත කුකුලෙකි
මඩ තැවරූ දුර්ගන්ධ ඌරෙකි
මේ සියල්ලෝ සිටිත් අපෙ පාර්ලිමෙන්තුවේ සකී

සරුවාOගෙම කපටි කැනහිලෙකි
දුටුවන්හට දෂ්ට කරනා මාපිලෙකි
හසුවූ සියලු දෑ විසුනු කරනා මඳැ'තෙකි
මේ සියල්ලෝ සිටිත් අපෙ පාර්ලිමෙන්තුවේ සකී

බැටළු හම් පොරවාගත් වෘකයෙකි
ලූලා නැති වලට රජවූ කනයෙකි
හැම බල්ලගෙම වැඩකරනා බූරුවෙකි
මේ සියල්ලෝ සිටිත් අපෙ පාර්ලිමේන්තුවේ සකි

දියවන්නා ඔය මැද පිහිටි සුවිසල් ප්‍රාසාදයකි
රටේ ඇත්තො එය පාර්ලිමේන්තුව යැයි කියති
හරි හැටි උපහැරන ගෙනදැක්වුවොත් සකි
එයනම් කදිම සත්ව උයනකි මිහිපිටැති

ටැන්සානියාවේ වෙසෙනා........

පනවන් පියඹ හා දරු දෙදෙනා තනිකරදා
ටැන්සානියා දේසේ ඉන්නේ දුකිනා
සැමදා රැයේ උන්හැම සිහියට එන්නා
සිතේවත්ද තරු මO දිගේ පියඹා එන්ටා

නුඹ වැඩ කරන අවන්හලේ පරසිද්ධ
පවුල් පිටින් එත් අමුත්තෝ අපරදිග
ඇසෙනා විට ඔවුන් තුටිකෙලිනා සද්ද
බෙම්මුල්ලෙ නිවසේ කිචි බිචි හඬ මැවෙනවද

නිවාඩුවට පෙරලා කවදද එන්නේ
අලි සෙල්ලම් බලන්නට නැතුවද යන්නේ
ජනනිත් නුඹත් දරු දෙදෙනා සමගින්නේ
පුOචි ඉඩක් මා වෙනුවෙන් තියපන්නේ

සත් මුහුදින් එතෙරව නුඹ වෙසෙන නමුත්
අඹුදරුවන් කෙරෙහි සෙනෙහස නොමැත අඩුත්
නුතන තරුණ මඩගොහොරේ සියපතකි උතුම්
ආදර්ශයට ගත්තොත් අප හැමත් දිනුම්

(ටැOසානියාවේ රැකියාවක නි‍යුතු සහෘද දර්ශන වීරකෝන් සොයුරා සිහිපත් කොට ගෙත්තම් කල කවියකි.)

Monday, June 28, 2010

වරද කිම?????

නොසිතූ යුගයක නොපැතූ මොහොතක
මා ගත සිත නෙත පැහැරගෙනම
දිගු නියOසායෙන් කේඩෑරි වූ සිතට
අනෝරා වැස්සක්මවී
වසන්තය ගෙන ආමුත් ඇය;

ඒ සාවූ සුවහසක්
ප්‍රාතිහාර්යයන්ගේ බලමහිමයෙන්
හේතුවාසනාවෙන්
ආදරග්‍රහණයේ කෙලපැමිණිකල

නොසිතූ යුගයක නොපැතු මොහොතක
විපරිත කරමින් මුළු ආත්මයම
තනිකරදමා යෑමට සැරසෙන්නී ඇය.........
අහෝ සොඳුර මා තීට කල වරද කිම?????

ගෝරනාඩුව

මොකෝ අයියේ මේ මොනා ඔයාට වෙලා තියෙන්නේ
කතාවකුත් නෑ,මූණ දිහාම බලා ඉන්නවා......
මොකෝ මගෙ මූණෙ පෙරහැරක් යනවද?

හැමදා මේ ගෝරනාඩුව……….

ඔබේ වත දෙස දෑස් දල්වා බලා හිඳිමි මම
නොයනමුත් පෙරහැරක්
මැවේ එහි බඹ ලොවක්
දෙඩුමට අවැසිනැත
සිනාසීමට අවැසිනැත
ඔබේ සුන්දර වත දිහා අනිමිසව
කල්පයක් වුව බලාහිඳිය හැක
හුස්ම ගැන්මත් අමතකව ඇත
ඒතරම් පියකරුයි ලඳ ඔබ

කිරි කරපන්

මගේ කලණ මිතුරාණෝ සිරිපාල
පැන ගියේ ඔහු සමගයි මාගේ ප්‍රියාඹුව
නුරා බැල්ම ඔහු ඈ වෙත පෑව දින
මතුවී ආවදෝ අළුයට ගිනි පුපුර

යශෝධරාවක් පැතුවේ නුඹ වෙතිනේ
වන ගත වුයේ මග ඵල ලැබගන්ට නොවේ
ගැහැණුන් චපලයැයි එහි ඇත්තක්ද තිබේ
චපල කමට විවරණ දෙනු කව්ද කොහේ

කිරිකැටි පුතුන් මව් සොයමින් හඬන්නේ
අම්මා නොමැති බැව් ඔහු නම් නොදන්නේ
පුතුගේ මුහුනතෙහි ඇගෙ රූපය මැවෙන්නේ
කෙලෙසද හිමිසඳුනි ඈ අමතක කරන්නේ

කුසගිනිවී පුතු හඬමින් උන් කලට
වත්තම් කරන් මා මව් ඔහු ලැම දෙසට
වියලී ගිය තන පුඬුවේ කිරි සොයන
කිරි කරපන් රුහිරු අම්මේ මතු බුදු වෙන්ට

බුදු වන්නට....

ගොදුරක් සොයගෙන එන්නට
ගතවූ සුළු ප්‍රමාදයට
සාගිනිගත් සිOහ කටට
කිම ඔබ පැන්නෙ සුමිතුර

දාන පාරමිතාවක්මැයි එය
සOසාරෙන් එතෙර වෙන්න
අම මග ඵල නිවනින් සනහා
බුද්ධත්වය ලබාදෙවන

නොහැකිය එක සත්මණ්ඩපයෙහි
ඔබේ සුමධුර දෙසුම් අසා
මොක් සුවයෙන් සැනසෙන්නට…..

අසOකෙයිය කල්ප පුරා
නිති විවරණ පැතුවේ මO
ප්‍රඥාවේ අග තැන්පත -
බුද්ධත්වය ලබාගන්න

එහෙයින් මට සමාවෙන්න
නිති විවරණ ලබාදෙන්න
අසOකෙයිය කල්ප පුරා
දස පාරමි පෙරුම් පුරා

අම මග ඵල පිලිපෙවන්න
තනියෙන් බුදුවෙන්නට නොව
සියල් ලෝසත් දන සමගින්
සසර ගඟුල එතෙර වන්න

ක්ෂීර මවක්.......

යෙහෙලිය නැත ඔබ බෝ පින්කර
දුසිම් ගනනින් දරුඵල ලබනට
එනමුත් ඔබ කරනා අමිල මෙහෙවර
ලොවක්වටි කල්පාන්තයක්වුව සුවදෙන

අකාලයේ මියැදුනි මව්තුමි
එකුන්දින වයසැති කිරිකැටියා තනිකර
වෙන අන්කිසිවකු නොව ඈ සැමිතුම
එකලේ සොහොයුරුගේ ප්‍රියබර විය

අගෙයි අගෙයි යෙහෙලිය ඔබේ ගුණකඳ
පනසේ රැකගෙන කිරිකැටි බිලිඳුන්
නැත කිසි වෙනසක් වැදු දරුට මෙන්
සෙනෙහස පානා අයුරුව මනරම්

යෙහෙලිය ඔබ කරනා මා මෙහෙවර
පුණ්‍යකර්මයකි සසරෙහි ඵලදෙන
මෙපින් බලෙන් ඔබ උපදින මතුභව
ක්ෂීර මවකවනු ඇත බෝ ඵලබර

ඇයිද නොවූයේ?

මැදියම් රැයේ අහසේ වූ තරුවකට
හැකිනම් මග කියන්න
සයුරෙහි තනිවූ ඔරුවකට
ඇයිද නොහැකිවූයේ ප්‍රිය නුඹහට
පහන් තරුව වී මඟ කියන්නට
මගෙ දිවියට......

වාලුකාවෙ ම0මුලාවූ දනන්හට
ක්ෂේම භූමියකි ජීවිත රකින
සසර කතරේ අසරණවූ මාහට
ඇයිද කෙම්බිමක් නොවූයෙ සොඳුර නුඹ

හසුවන සියලු දෑ හවුලුවමින් සැනෙක
ලැව් ගිනි පැතිරයත් ඝනවන අළු කෙරෙන
වට වරුසාවකී ගිනිබිය දුරුකරන
නවඳැලි පෙතක්සේ වන තිරිහන් කරන......

දහසකුත් එකක් දුක් රෝ පීඩා විඳිමින
ලැව් ගිනි සේ හද ගින්නෙන් දැවෙමින
දාගිනි වෙත හෙලු දිවි පැන් පොදවෙමින
කිමැ ඔබ නොවනුවේ ස0සාරික සිහිල

Sunday, June 27, 2010

අජරාමර නිවන් සුව!

ඔබ වැලලූ සුසානයේ
සොහොන් ගැබ සොයා
මම ආවෙමි දුරු රට සිට
දහස් ගව් ගෙවා

ඔබ මිහිදන් කලතැන
දෙදණ බිම හොවා
අසOකෙයිය වර හැඬුවෙමි
මුළු ලොවට හොරා...........

හැරදමා ගියා නොව ප්‍රිය
සත් සමුදුරෙන් එහා
හීන දහක් හද පුරවා
ඩොලර් කොල සොයා.......
බල්ලොත් නොකනා නෝට්ටු
දෙහදක ආලෙට
හරස් වු නිසා

හිතුනෙම නෑ කිසිදින
පිටුපා යයි කියා
මව් පිය අස්වසනු පිණිසම
නුඹ සස්වාමික වුනා

පෙර කරුමෙකට කබලෙන් ලිපට වැටුනාදෝ
ගෙවූ දිවිය මිහිමත අපායක්වීදෝ
සැමිතුම නුඹේ තහනම් ගෙඩි කෑවාදෝ
සියදිවි නැසුම තෙක් දිවිබර වැඩිවීදෝ

ජාතිත් ජාති මගේම වී ඉපදේවා
අකල් මරණ දුක් රෝ බිය දුරු වේවා
මෙතේ බුදුන්ගේ දහමින් සැනසේවා
අජරාමර නිවන් සුවය අත්වේවා!

ජෝන් පර්කින්ස්

“ජෝන් පර්කින්ස්"
කෙලෙසක අමතක කරන්නද
මේ නාමය......
ඔබ ගෙවූ ජීවිතය
ඇමරිකන් අධිරඳුන්ගේ
සුවච කීකරු කේවට්ටයකු සේ
ආර්ථික ඝාතක කුලී හේවායෙකු සේ

තෙවන ලෝකයේ දිලිඳු රාජ්‍ය පමණක් නොව
තෙදැස් අධිරාජ්‍ය පවා
ආර්ථික නව්‍යකරණය යයි කියමින්
අධික ණය භාරයේ ගිල්වමින්
නව්‍ය යටත්විජිතකරණ දඬුඅඩුවේ සිරකොට
උන්සතු වූ සබ්බ සකල මනාවම
ඇමරිකන් මකර කටේ ගිල්වා.........

විෂයෙහි කෙළපැමිණුණු ප්‍රඥ්‍යයකු වුව
වියත්කමට නුඹ දුන් නිඟාව
මනුෂ්‍යත්වය බල්ලට ඇද දමා.............

පැනමා ඉරාක ආක්‍රමණයද
ඉරාන ෂා පාලනයේ බිඳුමද
පැනමා ජනපති ඝාතන සැලසුම
සෞදි අරාබිය වසඟෙට ගැනුමද
ඒසා මේසා කූට උපක්‍රම
ඊනියා නළුවෙහි වීරයාද ඔබ

ලියමින් නේකවිද පුස්තක
හෙළිදරු කරමින් කල පව් සියල්ල
දෙවියන් ඉදිරියේ පාපොච්චරණය කරන්නෙකු මෙන්
සමාව අයද සිටියා ඔබ
මගඩි නාටක සියල්ල වෙනුවෙන්.....

නූතන අමෙරිකානු
කොලනිකරන සටනේ
ආර්ථික කඳවුරේ ඒජන්තයෙකි
ජෝන් පර්කින්ස්............



පිළිකෙව් කර සාතන්ගේ සෙනෙහස
පා තැබුවා ඔබ මනුසත් උයනට
සOසාර මඟෙහි කොතැනකදී වුව
සුපසන් මඟ පිලිපන් කලහැකි බැව් පෙන්වා

"We have entered one of the most important periods in human history, the Time of Prophecies. We have the opportunity to lift ourselves to new levels of consciousness. This time was foretold over the past centuries around the world. Now it is up to us -- you and me -- to make it happen. What a wonderful gift!"


වියපැහැදම්කර ඉපයූ වත්කම්
පිහිටුවමින් ජන සෙත් ව්‍යාපාර
දැයේ දරුවනට දැනුම ලබාදී
දිවිහිමියෙන් කැපවුයේ ලෝ දන වෙත
කල වරදෙහි සමාව උදෙසාද....

වෙස්වලා පැමිණි ශක්තියකි ඔබ අද
අධිරාජ්‍යවාදීන්ට එරෙහිව හටන් වදිනා
උන්ගෙන් තැලී,පොඩිවී මිරිකුණු
දිලිඳු රාජ්‍යයනට.......
පතනෙමු එඩ්බල යෝධ වීරිය
එලියක් වන්නට අඳුරේ සිටිනා
සියලු ලෝ දනන් හට

සුපිරි තරුකා

මේ සුපිරි තරුකා පායනා රාත්‍රියයි
මේ සුපිරි තරුකා අභිසෙස් ලබන
මෞලි මOගල්‍යයි

පුරා ගම් දනව් සිසාරා
ලක්ෂ සOඛයාත දන
ඇදීඑත් රැස්කකා
සුපිරි තරුවක් වීමේ උමතුවෙන්.....

ගයන්නට තබා
සප්ත ස්වරයවත් නොදනිත් දන
බැණවදියි අඬ දබරයෙන්
විනිසුරු තීන්දු අභියෝගයට ගෙන
අම්ම අප්පා සිහිකොට

නෙක්විද ගැටුම් මතින්
වරනයවූ තරඟකරුවන් සෙස්ස
ලන්සුකරවයි වේදිකාව මත හිඳුවා
ජනතා මනාපයේ සරණට
උත්තර ජන පරමාධ්පත්‍යය උදෙසා

ඔබ කැමතිම තරඟකරුවා හෝ තරඟකාරිය තාරකාවක් කිරිමට ඔබ දැන්ම කලයුත්තේ XXX හිස්තැනක් අOක .........ට හැකි තරම් SMS මනාප එවීමයි.නැතිනම් ඔබේ ස්ථාවර දුරකතනයෙන් 123 අමතා අක්කා කතා කලපසු ඇයට ඇසෙන පරිදි මනාප අOකය ප්‍රකාශකර හූවක් තැබීමෙන්........සමාවන්න ස්ථාවර දුරකතනයෙන් අදාල බොත්තම එබීමෙන් ඔබ කැමති තරුව සුපිරි තරුව බවට පත්කල හැක……….

දුරකථනයේ ඇති සොච්චමට
හූල්ලමින් මනාප දෙන සඳ
කෝටි ප්‍රකෝටි ගනනින් ඉතිරෙයි
චැනල් මුදලාලිලාගේ බැOකුවග

කපාදැමීමට නැවත ගැනීමට
බලධරයන්හට පරම බලය ඇත
විනිසුරු මඬුල්ල පඹයන් සේමැයි
SMS අසිපත කොස් කොටන්ටම කැපයි

සුපිරි තරඟයක් මේ ලෙස නිම වෙයි
මනාප බලුපොරයක ඵල පිටවයි
මිණි කැට යටවී ගොම රිටි මතුවෙයි
ජන පරමාධිපත්‍යයත් බල්ලට යාදෙයි

මීගමුව වෙරලේදී.....

අහස පෙනෙනා මායිමේ
තාරුකා මO ඔස්සේ
සුමුදු සුදු වෑලිතලේ
ඔබ මොබ දුවනා මිහිරියේ.......
පෙනේද නුබටත් අර ඈත සිතිජයේ
රනින් ගිනියම් වු නුබගෑබ
සයුරුතල සිපගන්නා'යුරුව
සOසාරික හෘදයාOගම බෑඳීමක සිරියෙන්...
අවසරද මටත් ඔබෙ සුරත පටලා
අතොරක් නෑතිව සරිසරන්න........
සුමුදු වෑලි බුමුතුරුනුවේ
සිතිජ ඉම්ව්වටත් එහාසිටන් පෑමිණි
සOසාරික පෙම්වතෙකු ලෙසින්
දනක් බිම හොවා ඔබේ අතෑඟිලි අල්ලාගෙන
නිල්මිණි දෙනෙත් දෙස හීසර බෑල්මක් යොමා
සිතිජයටත් එහා දුර ගිය ආදරේ පවසන්න

මෛත්‍රී........

නිසරු දිවිබිම් කතරේ
මO මුලාවූ විලස
සල්ලාල අනඟපුර
කිරුලු නොපලඳු රදුන් විලස
ගෙව් දිවිසෑරිය නිමාකල
සෙනෙහසේ ගOගාව
මෛත්‍රී........
කුළුණු මෙත් බෝ සිතෙන් පිරිපුන්
ආදරයේ රන් දෙවොලෙ උණුසුම
බිඳ දමා ලොව් සියලු පස්පව්
සුපින්වත් ජීවයක් මටදුන්
මෛත්‍රී..........
විටක මවක වෙස්ගෙන
විටක බිරිඳක වෙස්ගෙන
විටකදී දියනියක වෙස්ගෙන
දිවි පෙවත රුසිරු කර

මනාලියවී ඒ දිනේ
මගේ දිවියයි එළිකලේ
යුග දිවියෙ වු විමුක්තිය දුටු
අසිරිමත් යුවල අප යයි හෑඟේ

මා පියෙකු වී ඈය මවක වී
අප ලොවට ඔහු පෑමිණිලා
මව් මරා ඉපදුන් කුමරුවී
ඈය අප හෑරදා ගියා......

අඳුරු ලොවක සිරවී සිටිමි මම අද
සිඟිති පුතු හා තනිවෙලා
සසර උයනේ පෑතූ පින් කුසුම අද
සුලඟටත් නොකියම පරවෙලා

අනාගතයක් අවෑසි නෑ මට
සෑරිසරමි අතීතය පුරා
මතකයන් පිරි රසගුලාවන් තුල
ගිලෙමි ගිලෙමී පෙම සොයා.......

එනමුදු;

මෙදිවි නම් තණ අග රැඳුනු
පිනි බිඳක් මෑයි එය නියතමැයි
උපන්නොත් මරණයක් හිමිමැයි
නර නිරිඳුටත් එය කැපයි


රෑකබලාගත යුතුයි මා ඔහු
වීර මිනිසෙක් කලයුතුයි ඔහු
ඔහුයි මගේ ලෙයෙහි උරුමයා
ඈගේ අරමුණ එය නිසා

සියලු වෙරගෙන රකිමි මා පුතු
ඔහු ඈගේ අග ඵ්ල නිසා
අපේ ආදර කතාවේ
පසු අදියුරුව ඔහු වන නිසා


මතු දිනෙක ඔහු ලොව දිනනු ඇති
ශිල්ප සත මහ හදාරා
එදින මා ඔහු වතෙන් දකිනෙද
මෙතේ පින්බර රුව තමා

මෛත්‍රී........

History Repeats....

අතීතය යලි රඟ දැක්වේ
එක මහ පරණ කතාවක්
නමුඳු සදාතන සත්‍යයක්
එයත් හරියට
වෙරළ කලඹවා යලි
දියඹටම ඇදෙන
රැල්ලක් වගේමයි

අතීතයේ මසිත පිබිදවූ ඇය;
ආලයෙන් මා විකල් කල ඇය;
වෙනකෙකු හා රමණය කල ඇය;
නැවත මගේ සිත වසගෙට ගෙන ඇය

ඈ වෙනුවෙන් හිතේ කොනක
තිඋන සොඳුරු ලෙන්ගතුකම
මටත් හොරා ආදරයක්
බවට පෙරලේවිද
ඈ හට වෙර කල හැකිවෙද
ඇත්තට මම උමතුවෙන්ද

ජීවිතයක් සුන්දර වනුයේ
හිමිවූ ප්‍රේමයේ තොසින්ද
පැරදුනු විරහවෙ කඳුලින්ද

විශ්වයේ රිද්මය

කුලුදුල් පියාසරියට දොරට වඩින
අභිමානයද එනමුදු බියද කැටිව
කිචි බිචි ගානා කුරුළු පැටවකුගෙ
තුඩඟින් රැව්දෙන………..

දිනෙන් දින මෝරා වැඩෙන
තම දේහයේ ජවය පෙන්වීමට මෙන්
මව්ගේ උදර බිත්තියට පා පහර දෙන
ගර්භාෂයතුල වූ කලලයක......

ස්වකීය ආදරයේ ප්‍රතිමූර්තිය
ප්‍රසුත කිරිමට සැරසෙන
ගැබ්බර මවකගේ සර්වාOගය වෙලාගත්
ප්‍රසුත වේදනාවෙ දෝOකාරය…………..

නිසරු ඉඩමද පුරන්වූ කෙත්වතුද
මතු පරපුරේ අස්වැන්න උදෙසා
සිය ජීවිතයම පසට යටකල
ගොවියකු නැගූ අඬහැරයේ……

අයුක්තිය අසාධාරණය හමුවේ
නොසැලී නොබියව
තම පOති අයිතිවාසිකම් රැකගනුවස්
අරගලයේ පෙරමුණගත්
වෙඩිවැදී මියෑදෙන විප්ලවීය නියමුවෙකුගේ
මරණයේ අභිමානය....

අමුණා කඩමලු එකිනෙක
සදා සෙහෙහසේ තොටිල්ල
රිලා නැටුම් නයි සෙල්ලම්
අනාගතේ උරුම පුතුට
සොඳුරු සිහින දකිනු පිණිස
අහිකුණ්ටක මවක ගයන
නැලවිළි ශෝ ගීයක………..

රැඳී තිබේ ලොවේ රිද්මය

මේ සාවූ සුවහසක් සාකල්‍ය සOසිද්ධීන්
ලොවට කියාපානුයේ
විශ්වයේ රිද්මය හැර අන් කවරක්ද

විශ්වය මියැසියකි සැබෑවකි එය
නොයෙක ගී තනුවලින් ගැයෙනා..............

ඔබ හා කැටුව

ඓතිහාසික රOගිරි දඹුලු පුරවර
මා සිත් ප්‍රොමෝදනීය පුදබිම
සිත්සේ වටින සුවිසැරියක් යන්නට
දඹුලු පුරය හැර වෙනකක් නොසිතේය

හිරු අවරට යන සැන්දෑ යාමයේ
නෙලුමක් පූජ කර බුදුන්ට මෙත්සිතේ
ඔබ හා අසුන්ගෙන රOගිරි ගල්තලේ
උපේඛා වඩමි බැසයන රත් හිරු දෙසේ

කන්ඩලමේ සිසිල් ජලෙන් දියනාලා
නිල්ල නිලන වැව් තාවුල්ලේ දිගාවෙලා
දඹුලු අහසේ රාත්‍රියෙදි තරු ගැනලා
ඔබේ නලල සිපගනිමී සිත් පුරා.........

සියක් දුරක් මඟ ගෙවාන ආපු දිනා
දඹුලු ගොහින් තල ගොයියොත් මරමු කියා
සිහිගිරි ගොහින් එමුද සුදෝ ඇසූ නියා
පියඹ මගේ බිය වූවා බඹරු නිසා

ඉබ්බන්කට්ටුවේ බෝට්ටු සවාරියේ
දිය කෙලි සමගින් තුටියෙන් ගතවූයේ
ජලාසෙ මැද දූපත් නවාතැනේ
කැකුළු බතේ රස තවමත් සිහිවේ

රOගිරි දඹුලු ජගත් පිටිය පුරසිද්ද
ක්‍රිකට් තරගයකි එහි සුද්දන් සමග
අපෙ කොල්ලන්ගේ විකුමන් සියැසින් දැකගන්න
බාධා උනා වරුසාවෙන් තරඟයට

රක්ත වර්ණ මැණික් සේ දිලෙන තිරිවානා කන්ද
ගත සිත සිසිලෙන් මුසපත් කරවන නාමල් ගොමුව
රිටිගල කඳුවැටිය ඈතින පෙනෙනෙ සඳ
සිතේ මටත් මඩාටුගම පැලවෙන්න

නඟා.....


බැසයන හිරුට කිමඳ නගෝ හඩන්නේ
අවරගිරේ රත් පැහැයට බිය වන්නේ
හෙට උදෙත් හිරු එනවාමයි නැතිවද දන්නේ
හිරු නැතිවද අයියා නුඹේ සිටින්නේ

නුඹවන් වටින කෙනෙකුන් ලොව නැත මෙමටා
සසර පුරා මෙගෙ රැකවරණයම පතා
පැමිණි සේ හැඟේ මුවැත්තියේ සැමදා
ආදරෙයි ආදරෙයි නුඹට පනසේ රකිමි සදා

සොලොස් වියේ එලිපත්තෙයි සිටින්නේ
කෙලිළොල් පුOචි සුරතලියයි අපෙ නිවසේ
කෙලෙසක ලොකු ගැහැනියකැයි සිතන්නේ
තාමත් මගේ දෙඋරෙහි ඇය නිදන්නේ

සුදු මල් වැටුනු රතු චීත්ත ගවොම හැඳ
කොණ්ඩ කරල් ගොතාන රත් පැහැයෙන
සිහිනිඟ ලෙළව ලෙළවන ලැසි ගමනට
නාඹර බඹරු වහවැටේදෝ බයයි මට

ප්‍රේ........මා.........

ප්‍රේමා මගෙ පියබාය
මගෙ ප්‍රේමයේ රැජිනාය
අගහිඟකම් ඇතිදාය
පෑල දොරින් පැන යාය

නැත ලොකු දුකක් මා නුඹ හට නම් දීලා
පිළිගනිමී මා දුප්පත් බැව් වතිනා
වේලක් නොකා හෝ සාගිනි නිව්වෙමි මා
හේතුව කිමද මා හැර යෑමට ප්‍රේමා

සල්ලාලයෙකු නොව මා නුඹ එය දනී සොඳා
සුරා සොඬෙකු නොව මා නුඹ එය දනී සොඳා
සොරදෙටුවෙකුද නොව මා නුඹ එය දනී සොඳා
හෙනම් හැරයන්ට සිත්වූ කාරණා කිමා

දරු ඵල අහිමිවුයෙ කාගේ වරදින්ද
නිවසේ පරිහානියට කාරණා බොහෝ නේද
හදි හූනියන් අණවින ගැන කීවේ කව්ද
මේ හැම දෙයින් මාගැන සිත් බිඳුනාද

සෝ තැවුලෙනි මා දැන් දිවි ගෙවන්නේ
නුඹ නැති දිවිය වහකදුරුයි සිතෙන්නේ
මෙතරම් නුඹට පෙම් කලබැව් නොදන්නේ
නුඹේ අඩුව නුබටත් වඩා දැනෙන්නේ

ගලේ බOඩාර දෙවියනි මේ අසන්නේ
අයියනාර් දෙයියනි මේ අසන්නේ
සත් පත්තිනි මෑණියනි මේ අසන්නේ
මගේ ප්‍රේමා මා වෙත ගෙන දියන්නේ

ඇයට....

මන්ත්‍රී දේවියයි ඇය
හැර දමා සියල් රජසැප
රාජ ප්‍රාසාද දැසි දස්සන් මුතු මැණික්
වOකගිරි අරණට
දුර්ග දුක් ලෙඩ රෝ ගහන

දෙව්ලෝ සැප සොයාන නොව
අත්වැල වන්නට
ලොව්තුරු අමා සිසිලස සොයා
බවුන් වඩනා
උත්තම රාජ ස්වාම්න් හට

මන්ත්‍රීයක නොපතමි ඔබෙන්
සෙව් එකම දෙය නම්
මෘදු සෙනෙහස උණුසුම පමණි
නොමැතිය ඵල වැල සොයාන එනට
අOග සම්පූර්ණ මුළුතැන්ගෙයක් තැනුවෙමි
ජල උල්පත් සොයා යෑම ඵල රහිතයි
තුසිතය පරයන නානාOගන ඉදිකලෙමි
ගස් ගල් යට සැතපෙන්නට නොව
වායු සමනය කල කුටීර තැනුවෙමි……

එහෙත් නොතේරේ අද
ඔබ විමසනා පැණ
කිමක්ද නිගාදෙන නිමිත්ත
බලයද කුලයද ධනයද
හදෙහි අඩු පාඩු සකසන
නොතලන් මා සිත්
මෘදුය,මෙලෙකය,සියුමැලිය එය
නුඹේ ආලවන්තකමින්ම සිසිල්වී


අවැසිනම් කුමරියේ ඔබහට
යෑමට අවසර ඇත
හැර පියා මා සිත්
පතනා සුවය සොයාන

ඇත අවසර......
වල්මත් වී නම් ගිය මග
පෙරලා ඒමට මා සෙවනට
විවරව ඇත මාහද දොරටුව
හෙටට පමණක් නොව මතුවටත්
සෙහෙහසින් දොරෙගලන......

සුරOගනා කතාවක්........

තරුණකල මට දිනක
පොතක් කියවීමට සිත්විය……

එකෝමත් එක කාලෙක
සාගරය මැද මුතු ඇටයක්වන්
මනරම් දිවයිනක් විය........

තුන්වන ලෝකයේ දිළිඳු රටකි එය
එහෙත් හිටිහැටියේම එරටේ
ආශ්චර්යයක් ප්‍රාතුර්භූත විය

තිස් වසරක කුරිරු යුද්ධය නිමාවිය..........
හොරකම් මැරකම් ජඩකම් බලුකම්
මුලිනුපුටා දමන ලදී
මතට තිට නොව තිත් දාහක්ම විය
සියදිවි හානි කරගැනීමෙන්
ගබ්සා කිරීමෙන්-කලල විනාශයෙන්
ලොව අන්තිම රට බවට
හිටිහැටියේම පරිවතිතවිය
සියලු බොදු දනා අසපු වන්දනාවේ මහිමයෙන්
මෙලොවදීම නිර්වාණ සම්පත්තිය අත්කර ගත්හ
අහරින් රට ස්වයOපෝෂිත විය
සාගර පත්ලේ වූ තෙල් සම්පත මතුකොටගෙන
අරාබියටත් අපනයන කිරීමට පටන් ගැනිනි
වන හානි දුරුවී වහ වහා
නිවර්තන වැසි වන පැන නැඟින

ඉඳින්....එකී මෙකී නොකී
බොහෝමයක් දෑ සිදුවිය
රට සOවර්ධනයේ හිනිපෙත්තටම ලඟා විය

ඉක්බිති සියල්ලෝ තුටින් දිවි ගෙවූහ !!!

වියපත් මට විඩාවක් දැනිනි
මම සුරඟනා කතා පොත වසාදැමීමි…….

සරසවියේදී.......

ඇරඹිනි තවත් දේශනයක්
ජීවිතයම කලකිරවන
නොහැකිය රස්නය බිඳින්ට
පOකා කරකැවේ සීලිමේ
කුසගින්නෙන් දැවෙයි සිරුර
නිදිමත් විය නෙතුසඟ
මලපොත සජ්ජායනයද?
නැතිනම් දේශනයක්මද මෙය?

කාලතරණ සමයද මෙය
හුදකලාවී තම සිත්තුලම

අයෙකු බලයි විද්‍යා පොතක්
සවස පOතියේ දෙසුමට
තවකෙකු මුල්ලටවී නිදිකිරත්
පෙර රෑ මුර වැඩ කල වෙහෙසට

වැලOටයින් එකත් ලඟයි
සාක්කුවේ සතයක් නැහැ
මුද්දක්වත් නොදුන්නොතින්
ඒකිත් මට නැතිවේවිද

Upper එකක් ගොඩදැම්මොත්
ඇතුලෙ ලෙචෙක් වෙයි ස්ථිර
එතකොට ඔනේ නැහැ නොවැ
ජොබ් පෝලිමේ බඩගාන්ඩ

අපේ තාත්තා එක්තැන් වෙලා
අOශබාගේ සර්වාOගෙම
කුළී වැඩට යයි අම්මා
නැගෙනියො තිදෙනා රකින්ට

ඉක්මනටම අවුට් වෙලා
හිතන් ඉන්නේ සිඩ්නි යන්න
ඩැඩාගේ බිස්නස් එක කරන ගමන්
MBA එකකුත් කරන්න

ධනපති පOතිය බිඳදා
නිර්ධනයන් රජුන් කරන
පOති සටන ජයගත් දින
මහ විරුවෙකු වේවිද මම



ලොකු නOගිව දීගදෙන්න
දෑවැද්දක් සොයාගන්න
කාමාතුරයන් සපනා
කට ගැස්මක් වුනේ ඇයිද?

ගමේ පරණ පෙම්වතාද
ලියින් දාන ජේෂ්ඨයද
වාසිටිවිත් පොෂ්වූමට
ගොඩ බයියෙක් ගැලපේවිද?

පිටවිය දේශක විගසින්
Refer කරන්නට අණකර
ඇරයුම් ඇති බැවින් ඔහුට
NGO project එකක

පිබිද එව වසන්තය !

සඳකැන් පතිතව
මිණිකැට මෙන් දිලිසෙන
නිසල වැව් ඉවුරක
දිගාවී තණ බිස්ස මත
උඩුකුරුව.....
බලා ඉන්න ඇත්නම්
පොපියන තරුකැට දෙස
මOගල රැයේ මෙන්
සුන්දරවූ රාත්‍රියක………

වමතින් ඔබ කරවටද
දකුණතින් ග්‍රහණය කොට දිගු නිකටද
තබා වැහැරුනු උදරයෙහි කණ
සැක හැර දැනගන්න
ආදරයේ සලකුණ මෝරා වැඩෙන බව
පෙර දිනක මෙන්……
ඇත්නම් කියන්න
මුළු ලොවටත් වඩා
ආදරේ බැව් ඔබට.......

ආසයි තිරිහන් වන්ට
ඔබේ දෙතොල් යලි සිප
රැළි වැටුන මුහුණද......
ඉඳින් යලි පිබිද එව වසන්තය

දුකා සමඟ උරණව.....

ලොවට සුවඳක් වෙයන්
ලොවට සිහිලක් වෙයන්
ලොවට මිහිරක් වෙයන්
ලොවම බබලවපන්
අපතයෙක් නොවෙන්
හොඳ මිනිසෙක් වෙයන්
තව කියපන්...තව කියපන්
මටම ඇර/බැන්පන්
උඹ මකබැවියන්.........

පශ්චාත් නූතන

පෙර දිනක එක්තරා රාත්‍රියක
සුවිසල් මැදුරු ගහන් මාවතක
ඇවිද යන සඳ කොලොම්පුර
හදිසියේම වාගේ සිත
නැවතින මද අඳුරු කොනක

රත් පැහැයෙන් දෙතොල් උනා
කොට සායකි එය
කිටි කිටියේ දෙකලව වසා
හිසකේ දුර්වර්ණ ගන්වා
හෑන් බෑගයක් පලදා........

වැඩි ගානක් නොවේ ඇයට
හත්සිය පනහකි රැයකට
කාමරාහ කෙලෙසුන්ගෙන්
බොහෝ දුරිනි මාගේ සිත
එනමුදු හෝටල් කුටියක්
වෙන්වූවා ඈ සමගින

සතපවමින් ඈ වත්
සිනිඳු සුමුදු සයනය මත
සිත්තම් කර නග්න සිරුර
හාෆ්ෂීට් කොලයක් මත
හෝරාවකි ගතවූයේ
පියකරු සිතුවමකි මතුවූයේ

හැඩවැඩ දමමින් සිත්තම
විචිත්‍රවත් ලෙස නිමකොට
යැව්වෙන් අන්තර්ජාතික
චිත්‍ර ප්‍රදර්ශනයක් වෙත

දිනමින් එහි පලමු තැන
ඩොලර වලින් තෑගිබෝග
උඩු යටිකුරු වීමි මම
දැක එහිවූ උදෘත වැකිය
"පශ්චාත් නූතන කෘතියකි-
ස්ත්‍රී භාව ප්‍රති නිර්මිත"

දෙයියෝ සාක්කි මම නොදනිත්
වැහැරෙන කුණු කයක භාව

හ්ම්ම්…………………

අපේ ජාතක කතාවකත්
තිඋනාලු මෙහෙම.........
චුල්ල පදුම කුමාරයගේ බිසවට
සාපිපාස දැනුනු විට
සාගිනි දැනුනු විට
කාන්තාරේ යනවිට
දෙවුර පලා ලේ පෙව්වලු
මස්කඩක් කපා දුන්නලු බුදිනට
කුමාරයා සියතින්ම
පිරිමින් එහෙමයි වැඩකලේ
අතීතයෙත්...වත්මනෙදිත්

එනමුත් ඒ පාපී ලඳ
තල්ලු කලා හෙල ගැඹුරට
රටක් වටින කුමාරයව
පෙමින් බැඳී
අත්පා නැති කොරෙකුට
ඕO බලO ගැහැනුන්ගේ රඟ

හ්ම්ම්…………………

අහල නැද්ද බොලන් උඹලා
කුණ්ඩලකේශිය ගැන හෙම
මා පින් බෝ තෙරණියක්නෙ
සිටුවර දියනියක්නේ ඇයි

දOගෙඩියට දක්කායන
සත්තුක නම් පල්හොරෙකුට
පෙම් වෙලී
හැදුවලු දිවි නසාගන්න

වත්තම් කලනොහී තැනදි
නිදහස්කර හොරෙන් ලොවට
සරණ පාවා දුන්නලු ඈ……
හැකිද කූඩැල්ලට ඉන්ට මෙට්ටෙක......
රජ සැප තිඋනත් සිටුමැදුරක

බාරයක් ඔප්පු දෙන නියාවෙන්
කැටුව විත් ඈ හා
වනය මැදවූ ගලේ දෙවොලට
තල්ලු කොරන්ඩලු හැදුවේ
හෙල ගැඹුරට
ඒ ඇත්තිගේ පෙර කුසලට
පරොලොව ගියේ ඒ ගොබිලම

පෙනේද පිරිමින්ගේ තරම
කන්නට දෙන අතත් සපන

ඕO බලන් පිරිමින්ගේ රඟ
හ්ම්ම්………..

නව්‍ය දන්සැල්

දන්සැල් අසල
පෝලිම් ගැහී,වාතවෙවී
කුසගිනි නිව් සෝපාකලා
අද නැත.......
නාඩු බතට කරවල කටු
හොද්ද සමඟ පොල් සම්බල
කොස් තැම්බුම
අද නැත…….

ෆ්‍රයිඩ් රයිස්,නූඩ්ල්ස්,බුරියානිද
රස මසවුළු පිරි'තිරෙන
අයිස් ක්‍රීම්,වටලප්පන්,
නව පන්නයේ කෑම බීම
නව්‍ය දන්සැල් වෙලාගෙන.......

සුපිරි දනෝ වැසි වසිත්
සත් ප්‍රසාද ගුලින් ඇදී
අති සුඛෝපභෝගි රියෙන්
කුසගින්නට නොව
ෆන් එකට වෙනසකට
දන් සැලකින් කාල යන්න
ඉස්තරම් වර්ගයකින්
ෂොට් දෙක තුනක් ඇන ගෙනම
වෙසක්-පොසොන් උදාවෙන් ජනිත
පස්වනක් ප්‍රීතියේ සව්දිය පිරුමට.....

රැකගන් මා……………….

ළිO මැඬියෙක්මි මම
ඔබේ හද වපසරිය පමණක්
ලෝකය ලෙස සිතන
ලෝකය සේ දකින

මත්ස්‍යයෙක්මි මම
ඔබේ හද විල් තෙරේ ලගින
පුරුෂෝත්තම අවධි කෝණයේ අනුහසින්
පූර්ණ අභ්‍යන්තර පරාවතිත
සෙනෙහස් කිරණ පමණක්
ලෝකය ලෙස සිතන
ලෝකය සේ දකින

සූරියකාන්තා මලෙකි මා
හිරුමෙන් තෙදැති
ඔබ දෙසටම නැමෙන
රැකවර සොයාන
උණුහුම සොයාන
ඉඳින්;
පෙති හැකිලී යානොදී
රැකගන් මා……………….

මල්වර උනා පමණයි තාම

ලඳුනි ඔබ කොහෙද



















විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතාවයට පිOසිදුවන්නට, පොද වැස්සටත් විදුලිය ඇණහිටින බැවින් වෙනදා මෙන්ම අදත් විදුලි ඇණ හිටීමක්............
සවස්වරුවේ වට වර්ෂාවෙන් මතුවූ කාලකණ්නි කුසීතකමත් දරාගෙනම මම කළුවරේම ආලින්දයට සක්මන් කරමි.ආලින්දය කෙලවෙරෙහි වූ වැලින් ලියන ලද ලී පුටුව මට පහසුව සපයයි.මම එහි වාඩිවී ගෙමිදුල දෙස බලා හිඳිමි.අහස් කුස පුරා සරනා ඝන අන්ධකාරය,අතොරක් නැතිව නදදෙනා විදුලි'කුණු එලියෙන් ඒකාලෝක වෙයි.........
මගේ මනස අයාලේ සරිසරයි.සිහින් පොද එකිනෙක ඇද වැටේ.තව ටික වෙලාවකින් මෙය අනෝරා වර්ෂාවක් බවට රූපාන්ත්‍රණය වනු ඇත.කැට කපන වර්ෂාවක් පිලිබඳව දෙඇසින් දකින හැම මොහොතකම මා අමුතුම නැවුම් හැඟුමකින් වෙලීයයි.ඒ ඈ පිලිබඳවත් ඈ හා සබැඳි අසිරිමත් සිද්ධිදාමයත් ස්මරණය වන බැවිනි……….

අනෝරා වැසි පතිතව
මුළු නුවරම ජලමුළු ගැන්වෙයි
බිඳුනු උළුකැට අතරින් රූටාවිත්
ජල බිඳිති රිය නැවතුමේ පොලොව සිපගනියි

හමනා සුළගට හාවුනු ජල බිඳිති
විසරිතයක්වී
කයපුරා දැවටේ
එකනෙහි කුඩයක් අතින් දරා
තෙත බරිතව
වරුසාවෙන් බේරීමට
පොත්මිටිය ලැමැද තුරුලු කරගත්
යුවතියක් පාර කොන මැවේ…..

මම ;
ඇය දෙස නෙතු අයා බලා හිඳිමි
සිහිනිඟට පහලින්වූ පුළුලුකුල
මෝරා වැඩුන ලැම හOස යුවල
තෙත බරිතව ඇතිරුණු ගවොමට
නාරි දේහයේ මනා හැඩ දිස් වෙයි
සුසන්ඨානතාවක්මැයි ඇය
පුර්ව කර්ම ඵලදුන්....

ඈ නෙතු මා නෙතු හා ගැටෙයි
ඈ නිසොල්මනේ මා දෙස බලා හිඳියි
මනරම් රුවකි එය දෙව්ලිය රූ පරයනා
අවිඥානකවම ඈ දෙසට පා තබමි මම
තබන තබනා පයක් පාසා
දෙපසින් සුන්දර උයනක් මැවෙයි
කදිම ෆැන්ටසියකි එය
බොලිවුඩ සිනමා දසුන් පරයනා......


හදිසියේම යතට පා තබමි මම
මුහුණ පුරා ගලාගිය බොරදිය පහරට
ඈ ඉදිරිපස නැවත්වූ අතිනවීන මොටෝරියේ
බ්‍රිස්ටන් ටයර වෙතින් මුදාහල…..
මා දෙස ඇසිල්ලේ බලාගෙනම
ගොඩවූ අයුරු රථයට
තවමත් මාසිත්හි හොල්මන් කරත්

දෑ අවුරුද්දක් ගෙවුනද
නොහැකිය තවම මකා දැමුමට
හද පතුලේ ගිලී සන්ථානගතවූ
ඒ විස්මිත රුව
නිදිසුව සොයා දෙඇස් පියවූ කලද
වහා'විදින් නිදි ගැට බිඳලයි ඇය

සොයමින් ඔබ වාතවෙමි මම
තවම......
ලඳුනි ඔබ කොහෙද
අනේ!කියනු මැන.......

රාත්‍රිය එලඹිලා......


රාත්‍රිය එලඹිලා
අඳුර දස පැතිරිලා.....

මල් සුවඳ දැනෙනවා
ස්වප්නයක් මැවෙනවා
ඈ කෙරේ සෙනෙහසක්
අමෝරා වැඩෙනවා

ලොවම නිදි වැටුනු සඳ
ලොවට හොරා මම
රාත්‍රියේ අඳුර'තරින්.....

ඇය තුලට කිමිඳිලා
කිමිඳිලා කිමිඳිලා
ජීවිතය සොයනවා
ජීවිතය විඳිනවා