කෙලෙසක මිහිඳන් වෙන්නේ
එවැනි සොඳුරු පෙමක්....
අප මියගියොත් මිසක
මියගිය පෙමක්
මෙදියත නැත
කාලාන්තර ගෙවා දිවි
යලි ගොඩ ගනිත්
අතීත ප්‍රේමයේ මෘත දේහය
පෙම් කල ලෝ සියලු දෙන
ලොවටම රහසින්
අතීත කාමයෙන්.....
එහෙත් කිසිදින එපා මිතුර
මරණ පරීක්ෂණ
කපාකොටා කුණු කරවා...........
ඉඩදෙන්න ඉන් ප්‍රේම සුවඳම විහිදුවන්න
ලොවට හොරා සුව විදින්න
සිත තනි වූ හැම මොහොතෙම
උපේක්ෂාවෙන්.....
හරි පුදුමෙකි
සිත පහන් වන'යුරු
සිත් බිඳලූ ප්‍රේමයෙන්ම
නුවනි නිසල්යා ඉරුගල්බන්ඩාර විසින් ලියන ලද "මිහිදන් කරන්න.... අමතක උනානේ මට.... උපන් ගෙයිම මියදුන... අපේ ප්‍රේමය..." කවිය ඇසුරෙනි .
කාලාන්තර ගෙවා දිවි
ReplyDeleteයලි ගොඩ ගනිත්
අතීත ප්‍රේමයේ මෘත දේහය
පෙම් කල ලෝ සියලු දෙන
ලොවටම රහසින්
අතීත කාමයෙන්.....
එහෙත් කිසිදින එපා මිතුර
මරණ පරීක්ෂණ
කපාකොටා කුණු කරවා...........
maxsa
ඇත්ත කතාව මචන් එලට ලියල
ස්තූතියි ජනා උඹේ අදහසට.......
ReplyDeleteඋඹ හැමදාම මට දිරියක්!!!