Sunday, July 4, 2010

මොන්ත ක්‍රිස්තෝ

















එඩ්මොන් ඩාන්ටේස්...
වාසනාවත්-අවාසනාවත්-වාසනාවත් තුල
දෝලිත මිනිසා….
කිමැද ඔබ කල වරද????
පුරා වසර දහතුනක්
සයුරු තෙරේ හුදකලාව
Chateau d’If සිර කඳවුරේ
ගාල් කොට තැබුමට.....

සුරූපී ම'සිඩීස් හට පෙම්කල වරදටද
එක් ලේ සොයුරාවන් මිත්‍ර ෆෙනොන්
වෛර බැන්දේ??
ෆෙරියොන් නැවේ නියමු තනතුර
නුඹට හිමිවූ නිසාද
නැවිකැලේ මිතුරු ඩන්ග්ලර්
අමනාප වූයේ??
නැපෝලියන් හා කුමන්ත්‍රණ
අසුවෙතැයි බියෙන්ද
විනිසුරු විල්ෆොර්ඩ් ඔබව
දඟගෙට දැක්කුයේ??

කියාපන් එඩ්මොන් කියාපන්
අපායක් වුනිද ජීවිතය
Chateau d’If හි??

සිරකරු ෆෙරියා පියතුමා හමුවීම
දෙවියන් දුන් ත්‍යාගයක් විය
ඩාන්ටේස්ගේ දිවිසැරිය
යලි ලියවීමට පටන් ගැනිනි
දේශපාලනය කලාව භාෂාව
අර්ථ සතර සටන් හරඹ
ආප්ත සංස්කෘතිය
හැමදෑ ඔහු ඉගන්වීය....

මියගියේය හේ
සුවිසල් ධනස්කන්දයක්
උරුම කරමින්.....
මොන්ත ක්‍රිස්තෝ දිවයිනේ
සඟවා තිබු නිධානයක
තොරතුරු හෙළිකරමින්........

පූජක තැනගේ මළකුණද
වෙස් වලා පැමිණි
ආශිර්වාදයක්ම විය
පැන යන්නට සිර කඳවුරෙන්.....

මොන්ත ක්‍රිස්තෝ පරවේනියෙන්
මොන්ත ක්‍රිස්තෝ සිටු විය ඔබ
ධනයෙන් බලයෙන් පිරිපුන්
මහේශාඛ්‍යයෙන් ආඩ්‍යව…..

පලියට පලිය ගැනුමෙන්
තෘප්තවීද ඔබ???
ඩොන්ග්ලර් හා පෙම්වතිය විවාකරගත්
ෆෙනොන් මොන්ඩේගෝ
මරණ සයුරේ ගිල්වා.....
විනිසුරු විල්ෆොර්ඩ්ට
ජීවිතාන්තයටම සිරබත් කවා....

සිටුවර මොන්ත ක්‍රිස්තෝ;
ඔබට දැනුනු හැඟීම………
ෆෙනෝන් ඇසුරේ ඈ දිවි ගතකලේ
වෙන සරණක් නොහී බැව්….
ෆෙනෝන් ඇසුරේ වැඩුනේ
ඔබේ ලෙයින් දාව
පුත් කුමරුන් බැව්......
වසර දහතුනකට පසුව

එඩ්මොන්.....
අමතකද නුඹට
ඔබ උන් සිරකුටියේ
බිත්තිය මත
ඉපැරණි සිරකරුවකු විසින්
කුරුටුගා තිබූ අහිංසක වැකිය???????

“God will give me justice”

එඩ්මොන් ඩාන්ටේස්....කියන් මට.....

Did god give you the justice???

(The Count of Monte Cristo (2002) සිනමා පටය ඇසුරෙන්)

2 comments:

  1. (The Count of Monte Cristo (2002) සිනමා පටය ඇසුරෙන්)

    ඔබ ඒක දාන්න කලින්ම මට මතක් වුන ෆිල්ම් එක දැන් ඒක අපහු බලන්න ඔනි බන්

    සිරා ෆිල්ම් එක

    ReplyDelete
  2. මචං ජනා 2002 version එක බලපන් ඒක තමයි ලස්සනම.

    ReplyDelete