
හඳ මාමේ........
ඔයා පෙමින් තියා ඉන්න
හා පුංචා
දෙනවද මට ටික දොහකට
තරු මං දිගේ සොයායන්න
අලිමංකඩ කඳවුරු බිම
මගේ තාත්තිය සොයාන........
හෙට වෙනකොට ඔබ අහසේ
උන්නු තැනක් සොයනු නොහේ
ඒකයි මම බලල බලල
සොයා ආවේ ඔබව රැයේ
ඔබ ලොකුවට ඉන්න දිනේ
හා පුංචත් ලොකුනෙ අනේ !
අපේ අම්මි නම් කියනව
තාත්ති දිව්‍ය ලෝකෙ කියල
අපිත් එහේ යමු කීවම
අඬනව ඈ ඉකිගසලා…..
තාත්ති මගෙ නැතිවෙනකොට
අම්මියාගෙ බඩේලු මම
"අනේ එයා missing වෙනකොට
මාස හතයි බඩට මගේ"
එකදවසක් අම්මි මගේ
කිව්වා පාරෙදි කෙනෙකුට......
කොටි මාමල පරද්දලා
ආමි මාමල යුද්ධය දින්නා
හතර වටේ ඉන්න ඈයො
රතිඤ්ඤ දා තුටුවෙන්නා
අපෙ අම්ම්ය කොට්ටෙ බදා
හූල්ල හූල්ල ඉන්නා........
අපෙ අම්මිව හිනස්සන්න
පුංචි වුවත් පුලුවනි මට
හා හාමිත් එක්ක ගොහින්
අපෙ තාත්ති සොයා එන්න
අලිමංකඩ පීරාලා............
තාත්තියත් එක්කල මං
කිරි පැණි හෙම ගේනව බොට
බයක් ගන්න කාරි නැහැ
හා හාමිය කැටුවෙනවා මම
සත්තම සත්තයි මං පල්
හඳ මාමේ සමාවෙලා
හා හාමිව ඩිංගකට දෙන්න
තාත්ති මගෙ සොයාගන්න
අලිමංකඩ බලායන්න…………
අනේ මගේ හඳේ
ReplyDeleteඔයා එන්නේ එපා මෙහේ......
මොකෝ ඔය තරම් විරසක
අපිත් එක්ක පණේ......
ඕනෑ තරම් කුණු තියෙද්දි
අවුස්සන්න ලොවේ.....
කිම අපිටම කෙලවන්නේ
ඇත්තට ඇයි වදේ.....
niyamai ban
ReplyDelete