
ඔබ මෙලෝ එළිය දුටු දිනය
මා වැඩියෙන්ම සතුටු වුනු දවස
දෙනයනින් කඳුළු කැට වට තරම
දන්නේ මා පමනකි ප්‍රිය දුවනිය
මව් කුස යහනත
ගෙවූ දස මස තුල
ගැබ් ගත්තේ ඈ නොව
මා යැයි කී වරක් සිතුනෙද
නැවුම් පලතුරු එලවලු
ධන ධාන්‍ය බව භෝග
ගෙනවිත් පිරවීමි මුළුතැන
මව්ගෙ රුහිරෙන් නුඹේ කායය
පෝෂණය වන බැව් දැන සොඳින
වැඩ අහවර වන කණසම
එලඹෙන තෙක් ඇඟිලි ගනිමි මම
මිටින් හල විහඟකු සේ
පියඹා එමි කුටුම්ඹයට
එක හුස්මට
නුඹේ ඔය වත දකින්නට….
මව්තුමියගෙ වගපල දෙසුම හැමදා රෑට
කේවල් කරමින් ඈහට ආලය අඩුබව
ආඩපාලි මැද ඇගෙ දුක් බර කතා මැද
දුවනිය මගේ සිත තිබුනේ ඔබ ලඟම…….
කාලය ගෙවුනු යුහුව
හැම සිත් නොදැනිම
යෞවනෝදය එලඹින
මසිත් භාරය මහත් කරමින
සාධු කල්ක්‍රියාවෙන් යුතු
ගුණ නැණ වීරියෙන් යුතු
භද්‍ර යෞවන ගැටිස්සියකගෙ පිතු
වීය මා පුරෝ පින් ලැබු
නිසි විය එලඹි ඇත
කුළකුමරෙකු හා සරණ බඳින්නට
හදෙහි හොවා රැකි රන්බිජුවයි ඇය
ඉඳින් කෙලස ඈ සරණ යවන්නද
පුත්‍රී……… මාතනි කර යා නොයනු මැන !
මේක හරිම ලස්සනයි අයියේ...
ReplyDeleteලස්සනයි.................
ReplyDeleteපුත්‍රී.... හොඳ යෙදුමක්. ලස්සනයි.
ReplyDelete(කමෙන්ට්ස් වල Word verification එක ඉවත් කලොත් නරකද?)