Thursday, July 1, 2010

ටෙලි චිත්තර

බඹරු ඇවිත්* හන්තානෙට
අහස් ගව්ව*පසුකරමින්
දුහුළු මලක්* දැක නැවතී
සීතාම්බර සළු** හැඳගත්

බොඳ මීදුම්* කඳු වලල්ලෙ
එකදා වැහි* වස්සානේ
හිරිපොද වැස්සේ*තෙමිතෙමි
රජ ගෙදර පරවියන්*සේ

සප්ත කන්‍යා* කඳුවැටියේ
කන්‍යාවියද* ඈ......
උදුම්බරා මනාළියද**
සයනයේ සිහිනයේ*

ගොළු හදවත*පෑරෙයි අද
සලඹක් හඩවාලා*
කෙළිමඬලෙන්* සමුගන්නෙමි
සාගරයක් මැද*තනිවීලා
පරසතු මල්*සුවඳ කුමට
පවුරු වළලු*බිඳදා

පාරදිගේ* අනන්තයට
යමි සක්මන් මළුවේ*....
අවරගිරට* හිරු බසිනා
අනන්ත රාත්‍රියට*පාර කියන
මේ ධවල යාමයේ*
දෙවියනි ඔබ කොහෙදැයි*සොයා....

මවකගෙ ගීතය** උණුසුම්
ඇසේ මිහිඳුම් සිහින* අතරින්
නිම්නයක හුදකලාවෙ*......
යශෝරාවයක්මය** එය
ඉරට හඬන දරුවන්** වෙත
ඉන්ගම්මාරුවෙ** හිඳිනා
සුදු කලු අලු* ජීවිතයෙන්
මාවතේ ගීතය** ගයනා
තනි තටුවෙන් පියාඹන්න* වෙරදරනා......

*-චිත්‍රපට නාමයන්
**-ටෙලි නාට්‍ය නාමයන්

1 comment: