
පෙර දවස මේ මාවත
අප අත්වැල් පටලාන
ගිය අයුරු සැඟව ඇත
අතීත මතක පිටු අතර
නීල හරිත තුරුවියන යට
නුවර එලියේ සිසිල විදිමින
සියොත් රාවෙහි තෙපුල අසමින්
වරු ගනන් පැය ගතකලා අප
මලින් මල ගිලි-ගිලිහි එකිනෙක
පාවඩක් සැදු අයුරු මතකද?
මේ ලී දඬු වලට
මේ තුරු පත්වලට
පන තිබේ නම් දිනක
කෑ ගසා පවසාවි
අපේ පෙම් අන්දරය
අප විදි පෙම් සුවය
අප මෙන්ම අද දිනේ
තුරුවැල්ද මේ බිමේ
වෘද්ධවී අසරණව....
තුරු පත් හැලී ගොස්
දඬු රිකිලි දිරාගොස්
මරණයට අතවනත්
සිසිල් හෙවනේ සුවය
පෙර දිනක අප වින්ද
අද මේ මගෙහි නොමැත.....
කාෂ්ඨක හිරු රැසින්
කේඩෑරිවී ගොසිනි පොලෝතල
ඛාදනය වී ගොසිනි
සුමුදු සුදු වාලුකා තල
RDA එක පැමිණ
බිම හෙලයි නොබෝ දින
මේ සියල් රූස්සයන්
ක්ෂණයෙන් එක මත එක
අප තැබූ පා සළකුණු
නිදන් ගත කරමින් පසයට
තාර අතුල මහ මඟ
ඉදිවේ පෙර මඟ සිඳගෙන
හෙට දිනේ ඒ මගේ
ජත්‍රයක් යට පෙම් රසේ
අප මෙන්ම බොහෝ දෙන
යනෙනු ඇත අව් කාස්ඨකේ
supiri
ReplyDeletelovely post.....:)
ReplyDelete