දෙවියනේ ඔබ කොහෙද හිටියේ
කිමඳ මෙවිපත නොපෙනුනේ
දෙවොලට විත් ඔබවහන්සේ බැහැදැක
ආසිරිත් ලබාලයි පිටවුනේ
දෙවියනේ ඔබ කොහෙද හිටියේ
කිමඳ මෙවිපත නොපෙනුනේ
සන්තකෙහි වූ එකම රන්වත
මඟතොටේදී පැහැර ගත්තනේ
ඉරුණු කන්පෙති උල්පතින්
වැටිනි ලේ රූරා ගලා
සට සට සට හඬ නගාලා……
කිසිවකුත් නැත ඇසක් හැරබැලූ
මිනිස්කම වල් වැදීලා
අසන් සක් දෙවිඳුනේ කිමද
පඬුපුල් අසුන උණුනොවුයේ
අසන් කාලි මෑණියනේ කිමද
උන්ට ගැසූ පලි නොවැදුනේ
අසන් ස්කන්ධ කුමරුනේ කිම
උන්ට දියුණුව සලසුවේ
තිස්තුන් කෝටියක් දෙව්සාමිනේ කිම
ඔබ උන්ගෙ පගාවට යට වුනේ???
නීතියත් වල් වැදුනු යුගයක
දෙවිවරුත් නිරුත්තර වෙලා
දෙවිවරුත් නිරුවත් වෙලා
සුනඛයෝ බත් නොකන තරමට
සමාජය කුරුවල් වෙලා
වැටද නියරද ගොය බුදිතී
පීඩිතයෝ අසරණ වෙලා
වන ඌරන් රැළ කැකුණ තලන සඳ
හබන් කකුලන්ට රජ සැප වීලා...
මෙතේ බුදුහිමි වඩිනු මැන සොඳ
ලොවට යහදම් මග කියන්නට
මිනිස් යහගුණ නැතිවෙලා
අපි සසරේ වල්මත් වෙලා
No comments:
Post a Comment