තම සිඟිති පුතු එදින
සැමදාක මෙන් මෙදින
අකුරට යන්නට හොරව
කුසීතව බොරු ලෙඩගෙන
ඉර එලිය වැටෙනතුරු
නිදා සිටිනා සඳ……
කියතී අම්මා මෙලෙසින්
දරු හිස පිරි මැද අදරව
“අනේ මගෙ චුටි පුතුනි
නැගිටින්නකෝ උදෙන්
අර අවිත් බලන්නකෝ
කොච්චර ලස්සනද එලියෙ
ඉර මාම ඇවිල්ලා......
ගස්වල මල් පිපීලා
ඒ විතරයැ බලන්නකෝ
හරි වැඩේනේ සිද්ධවෙන්නෙ......
රතුකරමල් කොක්කබාබා
මිදුලේ පනුවන් අල්ලා
බන්ඩි ගෙඩිය පුරවන හැටි”
දමයි ඈ නොයෙක දහම්ගැට
පුතු අවදි කරවන්නට...
විස්තර කරමින් සැවුලන්
පනුවන් ඩැහැගන්නා'යුරුව
ක්ෂණයෙන් අවදිවූ දරුවා
කියයි මේ ලෙස මව්හට
“හොඳ වැඩේ පණුවන්ට
උදෙන්ම අවදිවුනු එකට”
සිහින් දාබිඳු නැගිනි
මව් නලලත
කරකියා ගත නොහී කිසිත්
පිළිතුරු නැති අසරණව……
අසංක, මේක මම කොපි කරනවා බූන්දියේ (www.boondi.lk; boondionline.blogspot.com) කට්ටියට.
ReplyDeleteok machan...No prob...It's a pleasure
ReplyDeletenice ayya :)
ReplyDeletevery nice
ReplyDeleteha haaa
ReplyDelete