Tuesday, July 13, 2010

සඳේ කිමද මේ...



ඔහු නිවසේ නොමති දින
පුන්සඳ විත් ඔච්චම් කරන සඳ
කවුළුවෙන් එබී බැලූ විට.....
ලැජ්ජා මුව හොවාගති ඇය
නග්න රුව හේ දුටු නියාවෙන

සඳේ කැල්මන් පතිතවී සොඳ
බබලවයි ඇගෙ ඡවි කලණ මන
අමාවක දින අඳුරු ගගනත
සිකුරු තරුවක් පෑයු කල මෙන.....
ඉන් එලියවී ශාලිකා ගැබ
පෙනේ ඇගෙ අංග පච්චාංග දෙන
සුරඟනක් මිහිබට කලෙක මෙන.....
දිනිසුරු පෑයූ ලෙද මැදියම......

ඈ හිමි සිසි තෙම ඝර නොමැති යම
කිමද මේ නටන නාඩගම හිමකර?
තරිඳුන් සියක් පෑව්වද ඔබ නොව
ඇගේ හිත නැහැ ඔහුට මිස කිසි කෙනෙකුට

2 comments:

  1. ලස්සන පද පෙළක්.....

    ReplyDelete
  2. හ්ම්.... ලස්සනයි අයියේ...

    ReplyDelete