Monday, July 19, 2010

හැත්තෑ හතේ අම්මා


අඬන විට මා කුඩා අවදියෙහි බඩගිනිව
තම්බා බතල දළු
ලුනු දියර ඉස
පොල් හා මුසුකොට කවා
බඩගිනි නිවූ අම්මා ඔබය
ප්‍රබුද්ධ (1977) පද්‍ය සංග්‍රහය


පුඬුව වැරූ කල
දෙන්නට කිරිබිඳක් නොමැතිව
ලොව හොඳම ළදරු ගෝ කිර-NAN
පොවා මා වැඩු අම්මා ඔබය....

6.30 ට අවදිව
හතේ ස්කූල් රියට දක්කන්නට
දනි පනි ගා
කැරට් ලීක්ස් බෝංචි කපා
සෝයා සෝස් නෝර් සුප් කැට
අඩු වැඩිය මුසුකොට
බාස්මති බත සමඟ
කරකවා උඩදමා
ෆ්‍රයිඩ් රයිස් හැදු අම්මා ඔබය….

ටී ටයිම් එකට කන්නට
පාන් ලෑතර මැදට
බේකන් පෙත්තක් යොදා
සලාද පතින් හැඩදමා
සෑන්ඩ්විච් හැදු අම්ම ඔබය

පාසල් නිමවන වංගියට
ෂොර්ට් ඊට දෙක තුනක්
ගිල්ලවා බංඩියට
ස්විමින්,ඩාන්සින්,එලකියුෂන්
අනං මනං ටියුෂන් පෝලිමේ
ගෑටූ අම්මා ඔබය

ඇතුලත් කෙරුමට මා
ජනප්‍රිය පාසලකට
ඉසුරුපායේ,තවුතිසාවේ
ඇමති ගොල්ල පස්සේ
කකුල් කඩිත්තුව හැදෙනතුරු
සති ගනන් බඩගෑ
අම්මා ඔබය

ලකුණු දෙකක් මඟහැරී
අහම්බෙන්
පංතියේ දෙවනියා වුනු දින
ආඩපාලි කියමින් ගුරුතුමිය සමඟ
අරියාදුවට ගිය උරණව
අම්මා ඔබය

අකැප කොට සාහිත පතපොත
මෙඩ්ඩෙක් ඉන්ජෙක් කෙරුමට
සිහින මවමින
විද්‍යා සයුරේ මා අනාතකල
නියමුවානෝ ඔබය

සුපර් ස්ටාර් ඩාන්සින් ස්ටාර්
තරඟවලට
දමා අයැදුම්පත් එකපිට එක
සුපිරි තරුවක් කෙරුමට
ලකඹරේ දිදුලන
වෙර ගත් අම්මා ඔබය

නොදත්තෙමි අම්මේ
මම එකල
ඔබේ ඔය සියලු රචනා
ඇරියස් ඇල්ලීමක් බැව්
මාතුරින්
යටගියාවේ මඟ ඇරුන......
වෙරදනර කල මාද
එලෙසටම මාපුතු මතින්

3 comments:

  1. හොඳ පොයික්ට් එකක්. ටිකක් ස්ටඩි කරන්න වටිනවා.

    ReplyDelete
  2. අම්මලා තාත්තලා එහෙම තමයි...එයාලට යන්න බැරි වුණු තැනකට දරුවන්ව යවන්න හදන්නෙ දරුවන්ට තියෙන ආදරේ හින්ද මිසක් වෙන දේකට නෙමේ කියලයි මම නම් හිතන්නෙ..

    ReplyDelete