Sunday, June 27, 2010

නව්‍ය දන්සැල්

දන්සැල් අසල
පෝලිම් ගැහී,වාතවෙවී
කුසගිනි නිව් සෝපාකලා
අද නැත.......
නාඩු බතට කරවල කටු
හොද්ද සමඟ පොල් සම්බල
කොස් තැම්බුම
අද නැත…….

ෆ්‍රයිඩ් රයිස්,නූඩ්ල්ස්,බුරියානිද
රස මසවුළු පිරි'තිරෙන
අයිස් ක්‍රීම්,වටලප්පන්,
නව පන්නයේ කෑම බීම
නව්‍ය දන්සැල් වෙලාගෙන.......

සුපිරි දනෝ වැසි වසිත්
සත් ප්‍රසාද ගුලින් ඇදී
අති සුඛෝපභෝගි රියෙන්
කුසගින්නට නොව
ෆන් එකට වෙනසකට
දන් සැලකින් කාල යන්න
ඉස්තරම් වර්ගයකින්
ෂොට් දෙක තුනක් ඇන ගෙනම
වෙසක්-පොසොන් උදාවෙන් ජනිත
පස්වනක් ප්‍රීතියේ සව්දිය පිරුමට.....

No comments:

Post a Comment