යෙහෙලිය නැත ඔබ බෝ පින්කර
දුසිම් ගනනින් දරුඵල ලබනට
එනමුත් ඔබ කරනා අමිල මෙහෙවර
ලොවක්වටි කල්පාන්තයක්වුව සුවදෙන
අකාලයේ මියැදුනි මව්තුමි
එකුන්දින වයසැති කිරිකැටියා තනිකර
වෙන අන්කිසිවකු නොව ඈ සැමිතුම
එකලේ සොහොයුරුගේ ප්‍රියබර විය
අගෙයි අගෙයි යෙහෙලිය ඔබේ ගුණකඳ
පනසේ රැකගෙන කිරිකැටි බිලිඳුන්
නැත කිසි වෙනසක් වැදු දරුට මෙන්
සෙනෙහස පානා අයුරුව මනරම්
යෙහෙලිය ඔබ කරනා මා මෙහෙවර
පුණ්‍යකර්මයකි සසරෙහි ඵලදෙන
මෙපින් බලෙන් ඔබ උපදින මතුභව
ක්ෂීර මවකවනු ඇත බෝ ඵලබර
No comments:
Post a Comment