Monday, June 28, 2010

බුදු වන්නට....

ගොදුරක් සොයගෙන එන්නට
ගතවූ සුළු ප්‍රමාදයට
සාගිනිගත් සිOහ කටට
කිම ඔබ පැන්නෙ සුමිතුර

දාන පාරමිතාවක්මැයි එය
සOසාරෙන් එතෙර වෙන්න
අම මග ඵල නිවනින් සනහා
බුද්ධත්වය ලබාදෙවන

නොහැකිය එක සත්මණ්ඩපයෙහි
ඔබේ සුමධුර දෙසුම් අසා
මොක් සුවයෙන් සැනසෙන්නට…..

අසOකෙයිය කල්ප පුරා
නිති විවරණ පැතුවේ මO
ප්‍රඥාවේ අග තැන්පත -
බුද්ධත්වය ලබාගන්න

එහෙයින් මට සමාවෙන්න
නිති විවරණ ලබාදෙන්න
අසOකෙයිය කල්ප පුරා
දස පාරමි පෙරුම් පුරා

අම මග ඵල පිලිපෙවන්න
තනියෙන් බුදුවෙන්නට නොව
සියල් ලෝසත් දන සමගින්
සසර ගඟුල එතෙර වන්න

No comments:

Post a Comment