Sunday, June 27, 2010

රැකගන් මා……………….

ළිO මැඬියෙක්මි මම
ඔබේ හද වපසරිය පමණක්
ලෝකය ලෙස සිතන
ලෝකය සේ දකින

මත්ස්‍යයෙක්මි මම
ඔබේ හද විල් තෙරේ ලගින
පුරුෂෝත්තම අවධි කෝණයේ අනුහසින්
පූර්ණ අභ්‍යන්තර පරාවතිත
සෙනෙහස් කිරණ පමණක්
ලෝකය ලෙස සිතන
ලෝකය සේ දකින

සූරියකාන්තා මලෙකි මා
හිරුමෙන් තෙදැති
ඔබ දෙසටම නැමෙන
රැකවර සොයාන
උණුහුම සොයාන
ඉඳින්;
පෙති හැකිලී යානොදී
රැකගන් මා……………….

මල්වර උනා පමණයි තාම

No comments:

Post a Comment