Sunday, June 27, 2010

විශ්වයේ රිද්මය

කුලුදුල් පියාසරියට දොරට වඩින
අභිමානයද එනමුදු බියද කැටිව
කිචි බිචි ගානා කුරුළු පැටවකුගෙ
තුඩඟින් රැව්දෙන………..

දිනෙන් දින මෝරා වැඩෙන
තම දේහයේ ජවය පෙන්වීමට මෙන්
මව්ගේ උදර බිත්තියට පා පහර දෙන
ගර්භාෂයතුල වූ කලලයක......

ස්වකීය ආදරයේ ප්‍රතිමූර්තිය
ප්‍රසුත කිරිමට සැරසෙන
ගැබ්බර මවකගේ සර්වාOගය වෙලාගත්
ප්‍රසුත වේදනාවෙ දෝOකාරය…………..

නිසරු ඉඩමද පුරන්වූ කෙත්වතුද
මතු පරපුරේ අස්වැන්න උදෙසා
සිය ජීවිතයම පසට යටකල
ගොවියකු නැගූ අඬහැරයේ……

අයුක්තිය අසාධාරණය හමුවේ
නොසැලී නොබියව
තම පOති අයිතිවාසිකම් රැකගනුවස්
අරගලයේ පෙරමුණගත්
වෙඩිවැදී මියෑදෙන විප්ලවීය නියමුවෙකුගේ
මරණයේ අභිමානය....

අමුණා කඩමලු එකිනෙක
සදා සෙහෙහසේ තොටිල්ල
රිලා නැටුම් නයි සෙල්ලම්
අනාගතේ උරුම පුතුට
සොඳුරු සිහින දකිනු පිණිස
අහිකුණ්ටක මවක ගයන
නැලවිළි ශෝ ගීයක………..

රැඳී තිබේ ලොවේ රිද්මය

මේ සාවූ සුවහසක් සාකල්‍ය සOසිද්ධීන්
ලොවට කියාපානුයේ
විශ්වයේ රිද්මය හැර අන් කවරක්ද

විශ්වය මියැසියකි සැබෑවකි එය
නොයෙක ගී තනුවලින් ගැයෙනා..............

No comments:

Post a Comment