සඳකැන් පතිතව
මිණිකැට මෙන් දිලිසෙන
නිසල වැව් ඉවුරක
දිගාවී තණ බිස්ස මත
උඩුකුරුව.....
බලා ඉන්න ඇත්නම්
පොපියන තරුකැට දෙස
මOගල රැයේ මෙන්
සුන්දරවූ රාත්රියක………
වමතින් ඔබ කරවටද
දකුණතින් ග්රහණය කොට දිගු නිකටද
තබා වැහැරුනු උදරයෙහි කණ
සැක හැර දැනගන්න
ආදරයේ සලකුණ මෝරා වැඩෙන බව
පෙර දිනක මෙන්……
ඇත්නම් කියන්න
මුළු ලොවටත් වඩා
ආදරේ බැව් ඔබට.......
ආසයි තිරිහන් වන්ට
ඔබේ දෙතොල් යලි සිප
රැළි වැටුන මුහුණද......
ඉඳින් යලි පිබිද එව වසන්තය
හිතින් මවාගන්න පුලුවන් බන්
ReplyDelete