ප්‍රේමා මගෙ පියබාය
මගෙ ප්‍රේමයේ රැජිනාය
අගහිඟකම් ඇතිදාය
පෑල දොරින් පැන යාය
නැත ලොකු දුකක් මා නුඹ හට නම් දීලා
පිළිගනිමී මා දුප්පත් බැව් වතිනා
වේලක් නොකා හෝ සාගිනි නිව්වෙමි මා
හේතුව කිමද මා හැර යෑමට ප්‍රේමා
සල්ලාලයෙකු නොව මා නුඹ එය දනී සොඳා
සුරා සොඬෙකු නොව මා නුඹ එය දනී සොඳා
සොරදෙටුවෙකුද නොව මා නුඹ එය දනී සොඳා
හෙනම් හැරයන්ට සිත්වූ කාරණා කිමා
දරු ඵල අහිමිවුයෙ කාගේ වරදින්ද
නිවසේ පරිහානියට කාරණා බොහෝ නේද
හදි හූනියන් අණවින ගැන කීවේ කව්ද
මේ හැම දෙයින් මාගැන සිත් බිඳුනාද
සෝ තැවුලෙනි මා දැන් දිවි ගෙවන්නේ
නුඹ නැති දිවිය වහකදුරුයි සිතෙන්නේ
මෙතරම් නුඹට පෙම් කලබැව් නොදන්නේ
නුඹේ අඩුව නුබටත් වඩා දැනෙන්නේ
ගලේ බOඩාර දෙවියනි මේ අසන්නේ
අයියනාර් දෙයියනි මේ අසන්නේ
සත් පත්තිනි මෑණියනි මේ අසන්නේ
මගේ ප්‍රේමා මා වෙත ගෙන දියන්නේ
No comments:
Post a Comment