ඔබ වැලලූ සුසානයේ
සොහොන් ගැබ සොයා
මම ආවෙමි දුරු රට සිට
දහස් ගව් ගෙවා
ඔබ මිහිදන් කලතැන
දෙදණ බිම හොවා
අසOකෙයිය වර හැඬුවෙමි
මුළු ලොවට හොරා...........
හැරදමා ගියා නොව ප්රිය
සත් සමුදුරෙන් එහා
හීන දහක් හද පුරවා
ඩොලර් කොල සොයා.......
බල්ලොත් නොකනා නෝට්ටු
දෙහදක ආලෙට
හරස් වු නිසා
හිතුනෙම නෑ කිසිදින
පිටුපා යයි කියා
මව් පිය අස්වසනු පිණිසම
නුඹ සස්වාමික වුනා
පෙර කරුමෙකට කබලෙන් ලිපට වැටුනාදෝ
ගෙවූ දිවිය මිහිමත අපායක්වීදෝ
සැමිතුම නුඹේ තහනම් ගෙඩි කෑවාදෝ
සියදිවි නැසුම තෙක් දිවිබර වැඩිවීදෝ
ජාතිත් ජාති මගේම වී ඉපදේවා
අකල් මරණ දුක් රෝ බිය දුරු වේවා
මෙතේ බුදුන්ගේ දහමින් සැනසේවා
අජරාමර නිවන් සුවය අත්වේවා!
No comments:
Post a Comment