
බැසයන හිරුට කිමඳ නගෝ හඩන්නේ
අවරගිරේ රත් පැහැයට බිය වන්නේ
හෙට උදෙත් හිරු එනවාමයි නැතිවද දන්නේ
හිරු නැතිවද අයියා නුඹේ සිටින්නේ
නුඹවන් වටින කෙනෙකුන් ලොව නැත මෙමටා
සසර පුරා මෙගෙ රැකවරණයම පතා
පැමිණි සේ හැඟේ මුවැත්තියේ සැමදා
ආදරෙයි ආදරෙයි නුඹට පනසේ රකිමි සදා
සොලොස් වියේ එලිපත්තෙයි සිටින්නේ
කෙලිළොල් පුOචි සුරතලියයි අපෙ නිවසේ
කෙලෙසක ලොකු ගැහැනියකැයි සිතන්නේ
තාමත් මගේ දෙඋරෙහි ඇය නිදන්නේ
සුදු මල් වැටුනු රතු චීත්ත ගවොම හැඳ
කොණ්ඩ කරල් ගොතාන රත් පැහැයෙන
සිහිනිඟ ලෙළව ලෙළවන ලැසි ගමනට
නාඹර බඹරු වහවැටේදෝ බයයි මට
nice one..l like it
ReplyDeletenice...........
ReplyDelete