Sunday, June 27, 2010

හ්ම්ම්…………………

අපේ ජාතක කතාවකත්
තිඋනාලු මෙහෙම.........
චුල්ල පදුම කුමාරයගේ බිසවට
සාපිපාස දැනුනු විට
සාගිනි දැනුනු විට
කාන්තාරේ යනවිට
දෙවුර පලා ලේ පෙව්වලු
මස්කඩක් කපා දුන්නලු බුදිනට
කුමාරයා සියතින්ම
පිරිමින් එහෙමයි වැඩකලේ
අතීතයෙත්...වත්මනෙදිත්

එනමුත් ඒ පාපී ලඳ
තල්ලු කලා හෙල ගැඹුරට
රටක් වටින කුමාරයව
පෙමින් බැඳී
අත්පා නැති කොරෙකුට
ඕO බලO ගැහැනුන්ගේ රඟ

හ්ම්ම්…………………

අහල නැද්ද බොලන් උඹලා
කුණ්ඩලකේශිය ගැන හෙම
මා පින් බෝ තෙරණියක්නෙ
සිටුවර දියනියක්නේ ඇයි

දOගෙඩියට දක්කායන
සත්තුක නම් පල්හොරෙකුට
පෙම් වෙලී
හැදුවලු දිවි නසාගන්න

වත්තම් කලනොහී තැනදි
නිදහස්කර හොරෙන් ලොවට
සරණ පාවා දුන්නලු ඈ……
හැකිද කූඩැල්ලට ඉන්ට මෙට්ටෙක......
රජ සැප තිඋනත් සිටුමැදුරක

බාරයක් ඔප්පු දෙන නියාවෙන්
කැටුව විත් ඈ හා
වනය මැදවූ ගලේ දෙවොලට
තල්ලු කොරන්ඩලු හැදුවේ
හෙල ගැඹුරට
ඒ ඇත්තිගේ පෙර කුසලට
පරොලොව ගියේ ඒ ගොබිලම

පෙනේද පිරිමින්ගේ තරම
කන්නට දෙන අතත් සපන

ඕO බලන් පිරිමින්ගේ රඟ
හ්ම්ම්………..

No comments:

Post a Comment