Sunday, June 27, 2010

ජෝන් පර්කින්ස්

“ජෝන් පර්කින්ස්"
කෙලෙසක අමතක කරන්නද
මේ නාමය......
ඔබ ගෙවූ ජීවිතය
ඇමරිකන් අධිරඳුන්ගේ
සුවච කීකරු කේවට්ටයකු සේ
ආර්ථික ඝාතක කුලී හේවායෙකු සේ

තෙවන ලෝකයේ දිලිඳු රාජ්‍ය පමණක් නොව
තෙදැස් අධිරාජ්‍ය පවා
ආර්ථික නව්‍යකරණය යයි කියමින්
අධික ණය භාරයේ ගිල්වමින්
නව්‍ය යටත්විජිතකරණ දඬුඅඩුවේ සිරකොට
උන්සතු වූ සබ්බ සකල මනාවම
ඇමරිකන් මකර කටේ ගිල්වා.........

විෂයෙහි කෙළපැමිණුණු ප්‍රඥ්‍යයකු වුව
වියත්කමට නුඹ දුන් නිඟාව
මනුෂ්‍යත්වය බල්ලට ඇද දමා.............

පැනමා ඉරාක ආක්‍රමණයද
ඉරාන ෂා පාලනයේ බිඳුමද
පැනමා ජනපති ඝාතන සැලසුම
සෞදි අරාබිය වසඟෙට ගැනුමද
ඒසා මේසා කූට උපක්‍රම
ඊනියා නළුවෙහි වීරයාද ඔබ

ලියමින් නේකවිද පුස්තක
හෙළිදරු කරමින් කල පව් සියල්ල
දෙවියන් ඉදිරියේ පාපොච්චරණය කරන්නෙකු මෙන්
සමාව අයද සිටියා ඔබ
මගඩි නාටක සියල්ල වෙනුවෙන්.....

නූතන අමෙරිකානු
කොලනිකරන සටනේ
ආර්ථික කඳවුරේ ඒජන්තයෙකි
ජෝන් පර්කින්ස්............



පිළිකෙව් කර සාතන්ගේ සෙනෙහස
පා තැබුවා ඔබ මනුසත් උයනට
සOසාර මඟෙහි කොතැනකදී වුව
සුපසන් මඟ පිලිපන් කලහැකි බැව් පෙන්වා

"We have entered one of the most important periods in human history, the Time of Prophecies. We have the opportunity to lift ourselves to new levels of consciousness. This time was foretold over the past centuries around the world. Now it is up to us -- you and me -- to make it happen. What a wonderful gift!"


වියපැහැදම්කර ඉපයූ වත්කම්
පිහිටුවමින් ජන සෙත් ව්‍යාපාර
දැයේ දරුවනට දැනුම ලබාදී
දිවිහිමියෙන් කැපවුයේ ලෝ දන වෙත
කල වරදෙහි සමාව උදෙසාද....

වෙස්වලා පැමිණි ශක්තියකි ඔබ අද
අධිරාජ්‍යවාදීන්ට එරෙහිව හටන් වදිනා
උන්ගෙන් තැලී,පොඩිවී මිරිකුණු
දිලිඳු රාජ්‍යයනට.......
පතනෙමු එඩ්බල යෝධ වීරිය
එලියක් වන්නට අඳුරේ සිටිනා
සියලු ලෝ දනන් හට

No comments:

Post a Comment