පනවන් පියඹ හා දරු දෙදෙනා තනිකරදා
ටැන්සානියා දේසේ ඉන්නේ දුකිනා
සැමදා රැයේ උන්හැම සිහියට එන්නා
සිතේවත්ද තරු මO දිගේ පියඹා එන්ටා
නුඹ වැඩ කරන අවන්හලේ පරසිද්ධ
පවුල් පිටින් එත් අමුත්තෝ අපරදිග
ඇසෙනා විට ඔවුන් තුටිකෙලිනා සද්ද
බෙම්මුල්ලෙ නිවසේ කිචි බිචි හඬ මැවෙනවද
නිවාඩුවට පෙරලා කවදද එන්නේ
අලි සෙල්ලම් බලන්නට නැතුවද යන්නේ
ජනනිත් නුඹත් දරු දෙදෙනා සමගින්නේ
පුOචි ඉඩක් මා වෙනුවෙන් තියපන්නේ
සත් මුහුදින් එතෙරව නුඹ වෙසෙන නමුත්
අඹුදරුවන් කෙරෙහි සෙනෙහස නොමැත අඩුත්
නුතන තරුණ මඩගොහොරේ සියපතකි උතුම්
ආදර්ශයට ගත්තොත් අප හැමත් දිනුම්
(ටැOසානියාවේ රැකියාවක නියුතු සහෘද දර්ශන වීරකෝන් සොයුරා සිහිපත් කොට ගෙත්තම් කල කවියකි.)
No comments:
Post a Comment