මගේ කලණ මිතුරාණෝ සිරිපාල
පැන ගියේ ඔහු සමගයි මාගේ ප්‍රියාඹුව
නුරා බැල්ම ඔහු ඈ වෙත පෑව දින
මතුවී ආවදෝ අළුයට ගිනි පුපුර
යශෝධරාවක් පැතුවේ නුඹ වෙතිනේ
වන ගත වුයේ මග ඵල ලැබගන්ට නොවේ
ගැහැණුන් චපලයැයි එහි ඇත්තක්ද තිබේ
චපල කමට විවරණ දෙනු කව්ද කොහේ
කිරිකැටි පුතුන් මව් සොයමින් හඬන්නේ
අම්මා නොමැති බැව් ඔහු නම් නොදන්නේ
පුතුගේ මුහුනතෙහි ඇගෙ රූපය මැවෙන්නේ
කෙලෙසද හිමිසඳුනි ඈ අමතක කරන්නේ
කුසගිනිවී පුතු හඬමින් උන් කලට
වත්තම් කරන් මා මව් ඔහු ලැම දෙසට
වියලී ගිය තන පුඬුවේ කිරි සොයන
කිරි කරපන් රුහිරු අම්මේ මතු බුදු වෙන්ට
No comments:
Post a Comment