Monday, June 28, 2010

ගෝරනාඩුව

මොකෝ අයියේ මේ මොනා ඔයාට වෙලා තියෙන්නේ
කතාවකුත් නෑ,මූණ දිහාම බලා ඉන්නවා......
මොකෝ මගෙ මූණෙ පෙරහැරක් යනවද?

හැමදා මේ ගෝරනාඩුව……….

ඔබේ වත දෙස දෑස් දල්වා බලා හිඳිමි මම
නොයනමුත් පෙරහැරක්
මැවේ එහි බඹ ලොවක්
දෙඩුමට අවැසිනැත
සිනාසීමට අවැසිනැත
ඔබේ සුන්දර වත දිහා අනිමිසව
කල්පයක් වුව බලාහිඳිය හැක
හුස්ම ගැන්මත් අමතකව ඇත
ඒතරම් පියකරුයි ලඳ ඔබ

No comments:

Post a Comment