Wednesday, June 30, 2010

සුජාත බව

සින්නක්කරේටම ලියා ගතිමි
ප්‍රසිද්ධ නොතාරිස් තැන ඉදිරිපිට
සාක්ෂිකරුවන් අත්සන් තබා....
අනවසරෙන් අල්වාගෙන
පසු කල්හි
බලපත්‍ර සහිතව ලඟ තබාගත්
ඇගේ ආලය……

එනයින්;
සුජාතවිය පුත් කුමරුන්ද
සOක්‍රාන්ති සමයේ උපන්....
මව්පිය විවාහක/ අවිවාහක බව
උප්පැන්න කරදහියේ
"ඔව්" යනුවෙන් ලියැවුනු බැවින්....

No comments:

Post a Comment