Sunday, June 27, 2010

සුපිරි තරුකා

මේ සුපිරි තරුකා පායනා රාත්‍රියයි
මේ සුපිරි තරුකා අභිසෙස් ලබන
මෞලි මOගල්‍යයි

පුරා ගම් දනව් සිසාරා
ලක්ෂ සOඛයාත දන
ඇදීඑත් රැස්කකා
සුපිරි තරුවක් වීමේ උමතුවෙන්.....

ගයන්නට තබා
සප්ත ස්වරයවත් නොදනිත් දන
බැණවදියි අඬ දබරයෙන්
විනිසුරු තීන්දු අභියෝගයට ගෙන
අම්ම අප්පා සිහිකොට

නෙක්විද ගැටුම් මතින්
වරනයවූ තරඟකරුවන් සෙස්ස
ලන්සුකරවයි වේදිකාව මත හිඳුවා
ජනතා මනාපයේ සරණට
උත්තර ජන පරමාධ්පත්‍යය උදෙසා

ඔබ කැමතිම තරඟකරුවා හෝ තරඟකාරිය තාරකාවක් කිරිමට ඔබ දැන්ම කලයුත්තේ XXX හිස්තැනක් අOක .........ට හැකි තරම් SMS මනාප එවීමයි.නැතිනම් ඔබේ ස්ථාවර දුරකතනයෙන් 123 අමතා අක්කා කතා කලපසු ඇයට ඇසෙන පරිදි මනාප අOකය ප්‍රකාශකර හූවක් තැබීමෙන්........සමාවන්න ස්ථාවර දුරකතනයෙන් අදාල බොත්තම එබීමෙන් ඔබ කැමති තරුව සුපිරි තරුව බවට පත්කල හැක……….

දුරකථනයේ ඇති සොච්චමට
හූල්ලමින් මනාප දෙන සඳ
කෝටි ප්‍රකෝටි ගනනින් ඉතිරෙයි
චැනල් මුදලාලිලාගේ බැOකුවග

කපාදැමීමට නැවත ගැනීමට
බලධරයන්හට පරම බලය ඇත
විනිසුරු මඬුල්ල පඹයන් සේමැයි
SMS අසිපත කොස් කොටන්ටම කැපයි

සුපිරි තරඟයක් මේ ලෙස නිම වෙයි
මනාප බලුපොරයක ඵල පිටවයි
මිණි කැට යටවී ගොම රිටි මතුවෙයි
ජන පරමාධිපත්‍යයත් බල්ලට යාදෙයි

No comments:

Post a Comment