Sunday, June 27, 2010

History Repeats....

අතීතය යලි රඟ දැක්වේ
එක මහ පරණ කතාවක්
නමුඳු සදාතන සත්‍යයක්
එයත් හරියට
වෙරළ කලඹවා යලි
දියඹටම ඇදෙන
රැල්ලක් වගේමයි

අතීතයේ මසිත පිබිදවූ ඇය;
ආලයෙන් මා විකල් කල ඇය;
වෙනකෙකු හා රමණය කල ඇය;
නැවත මගේ සිත වසගෙට ගෙන ඇය

ඈ වෙනුවෙන් හිතේ කොනක
තිඋන සොඳුරු ලෙන්ගතුකම
මටත් හොරා ආදරයක්
බවට පෙරලේවිද
ඈ හට වෙර කල හැකිවෙද
ඇත්තට මම උමතුවෙන්ද

ජීවිතයක් සුන්දර වනුයේ
හිමිවූ ප්‍රේමයේ තොසින්ද
පැරදුනු විරහවෙ කඳුලින්ද

No comments:

Post a Comment