පෙර දිනක එක්තරා රාත්‍රියක
සුවිසල් මැදුරු ගහන් මාවතක
ඇවිද යන සඳ කොලොම්පුර
හදිසියේම වාගේ සිත
නැවතින මද අඳුරු කොනක
රත් පැහැයෙන් දෙතොල් උනා
කොට සායකි එය
කිටි කිටියේ දෙකලව වසා
හිසකේ දුර්වර්ණ ගන්වා
හෑන් බෑගයක් පලදා........
වැඩි ගානක් නොවේ ඇයට
හත්සිය පනහකි රැයකට
කාමරාහ කෙලෙසුන්ගෙන්
බොහෝ දුරිනි මාගේ සිත
එනමුදු හෝටල් කුටියක්
වෙන්වූවා ඈ සමගින
සතපවමින් ඈ වත්
සිනිඳු සුමුදු සයනය මත
සිත්තම් කර නග්න සිරුර
හාෆ්ෂීට් කොලයක් මත
හෝරාවකි ගතවූයේ
පියකරු සිතුවමකි මතුවූයේ
හැඩවැඩ දමමින් සිත්තම
විචිත්‍රවත් ලෙස නිමකොට
යැව්වෙන් අන්තර්ජාතික
චිත්‍ර ප්‍රදර්ශනයක් වෙත
දිනමින් එහි පලමු තැන
ඩොලර වලින් තෑගිබෝග
උඩු යටිකුරු වීමි මම
දැක එහිවූ උදෘත වැකිය
"පශ්චාත් නූතන කෘතියකි-
ස්ත්‍රී භාව ප්‍රති නිර්මිත"
දෙයියෝ සාක්කි මම නොදනිත්
වැහැරෙන කුණු කයක භාව
niyamayi ban hiiniyata tokkak anela
ReplyDelete