Tuesday, June 29, 2010

සියල්ලෝ සිටිත්

ලොම් හැලුනු කුෂ්ට වණ බල්ලෙකි
තටු සිඳුන වයස්ගත කුකුලෙකි
මඩ තැවරූ දුර්ගන්ධ ඌරෙකි
මේ සියල්ලෝ සිටිත් අපෙ පාර්ලිමෙන්තුවේ සකී

සරුවාOගෙම කපටි කැනහිලෙකි
දුටුවන්හට දෂ්ට කරනා මාපිලෙකි
හසුවූ සියලු දෑ විසුනු කරනා මඳැ'තෙකි
මේ සියල්ලෝ සිටිත් අපෙ පාර්ලිමෙන්තුවේ සකී

බැටළු හම් පොරවාගත් වෘකයෙකි
ලූලා නැති වලට රජවූ කනයෙකි
හැම බල්ලගෙම වැඩකරනා බූරුවෙකි
මේ සියල්ලෝ සිටිත් අපෙ පාර්ලිමේන්තුවේ සකි

දියවන්නා ඔය මැද පිහිටි සුවිසල් ප්‍රාසාදයකි
රටේ ඇත්තො එය පාර්ලිමේන්තුව යැයි කියති
හරි හැටි උපහැරන ගෙනදැක්වුවොත් සකි
එයනම් කදිම සත්ව උයනකි මිහිපිටැති

4 comments: